හත්හැවිරිදි දැරියකට ලිංගික අතවර කලබව කියන දැරියගේ ඥාති මාමා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භකොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. සැකකරු රත්ගම ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි. මෙකි දැරියගේ මව විදේශතවි ඇත. දැරිවියගේ මිත්තනිය මල්නෙලමින් සිටියදි සැකකරු දැරිය වඩාගෙන නිවස තුලට ගොස් ලිංගික අතවර කොට ඇති බව පොලිසිය පවසයි. ලිංගික අතවරයට ලක්වු දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (11) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකරණ බව පොලිසිය පවසයි. මෙකි ලිංගික අතවර සිද්ධිය සම්බන්ද ඊයේ (10) රාත්‍රි රත්ගම පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව දැනට ප්‍ර දේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.
|