හතා සර්ගේ ලියුමෙන් හිලේරියන් ගිය දුරක්…

69

අද රංගවේදියෙක්
 කතාබහ- – හිලේරියන් පෙරේරා

 පාසල් කාලය

 මගේ ගම පානදුර. පාසල් ගියේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයට. 1966 වර්ෂය වන විට මම පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙන ගත්තෙ. ඒ කාලෙ අපේ ගම්වල වෙසක් පොසොන් උත්සවවලදි බැති ගී තරග පැවැත්වෙනවා. ? එළිවෙනතුරු පැවැත්වෙන මේ තරගවල සහතිකපත් දෙන්නෙ පාන්දර යාමෙ. මේ වගේ තරගයකට ඉදිරිපත් වීමෙන් මට රාවතාවත්ත වික‍්‍රමශිලා කලායතනයට සම්බන්ධ වෙන්න ශිෂ්‍යත්වයක් ලැබෙනව.

 ආරාධනයක්

 කලායතනයේ ඉගෙන ගන්න කාලෙදි එක දවසක දීපාල් ආර්. ප‍්‍රනාන්දු මහත්මයා මාව හොයාගෙන ඇවිත් කියනව” මම අලූතින් වේදිකා නාට්‍යයක් කරනව ‘බව දුක. කියල” ඒකට ඔයාව තෝරාගත්තා කියල. මේ වචන ටික මට හිතාගන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට මම කිසිම වේදිකා නාට්‍යයක රඟපාලා නැති නිසා. කොහොම වුණත් මම එකපයින්ම කැමති වෙනව. මට ලැබුණෙ දොස්තර මහත්මයකුගේ චරිතයක්. ඒ විදිහට මම හා හා පුරා කියල වේදිකාවට පය තියනව. එතනදි මගේ හැකියාවන් දකින ඩ‍්‍රාවින් එස්. ජයවික‍්‍රම මහත්මයා එතුමාගේ ‘හරි වැඩක් වුණේ. නාට්‍යයට මාව තෝරා ගන්නව.

හතා සර්ගේ ලියුමෙන් හිලේරියන් ගිය දුරක්...



 ප‍්‍රසිද්ධ වේදිකාවට

 1968 වසරේදී පමණ ගාමිණී හත්තෙටුවගම සහ පේ‍්‍රමසිරි ලියනගේ යන මහත්වරුන් මෙහෙයවූ වේදිකා නාට්‍ය පාඨමාලාවකට මම සම්බන්ධ වෙනව. මාස හයක පුහුණුව අවසන් වෙන්නෙ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී පරාක‍්‍රම නිරිඇල්ල මහත්මයා ඔහුගේ

 ‘සෙක්කුව. නාට්‍යයේ පුහුණුවීම් සිදුකරන කාලයේ. ‘හතා සර්. (ගාමිණී හත්තෙටුවගම* මට ලියුමක් දීලා කියනව මේක ගිහින් පරාක‍්‍රමට දෙන්න කියල. ලියුම බලපු නිරිඇල්ල මහත්මයා කියනව” මේ ලියුමෙ තියෙන්නෙ ඔයාව මගේ නාට්‍යයට සම්බන්ධ කරගන්න කියල. නමුත් මේ වෙලාවෙ නම් හැම චරිතයකටම ශිල්පීන් තෝරාගෙන ඉවරයි. කොහොම වුණත් මට ඔයාව යවන්න බැහැ. ඒ නිසා අපේ ගායන වෘන්දයට සම්බන්ධ වෙන්න කියල. එතැන් පටන් මම යොමුවෙන්නෙ සංගීතය පැත්තට. වේදිකාගත කළ අවුරුද්දේදීම සම්මාන අටක් දිනාගත් ‘සෙක්කුව. නාට්‍ය තමයි මාව ප‍්‍රසිද්ධ වේදිකාවට ගෙනාවෙ.

 පියවරක් ඉදිරියට

 මගේ යහළුවෙක් හිටියා ලකී සේනානායක කියල. ඔහු හෙන්රි ජයසේන මහත්මයා එක්ක බොහොම හිතවත්. එක දවසක ලකී මාව හෙන්රි ජයසේන මහත්මයා හමුවට යොමු කරනව. එතුමා කියනව” ඔයා හරි වෙලාවට ආවෙ. මම අලූතින් නාට්‍යක් කරන්න ඉන්නව” පටන්ගත්තාම කතාකරන්නම් කියල. ඒ අනුව මට මතක හැටියට 1971 වර්ෂයේදී වේදිකාවට ගෙනා ‘සරන සියොත් සේ පුතුනි හඹා යන. (පර්යේෂණාත්මක) නාට්‍යයේ චරිතයකට මාව තෝරා ගන්නව. නමුත් මේ නාට්‍යයට ලොකු ඉල්ලූමක් තිබුණෙ නැහැ. ඒ වෙනකොට එතුමාගේ

 ‘හුණුවටය සහ මනරංජන වැඩවර්ජන. යන නාට්‍ය බොහොම සාර්ථකව රට වටා යනව. නාට්‍යයේ අසාර්ථක බවත් එක්ක අවසානයේ ජයසේන මහත්මයා මාව ‘හුණුවටයේ කතාව. ට සම්බන්ධ කරනව.

 වැඩ ගොඩක්

 චූලා කාරියවසම් හෙන්රි ජයසේන මහත්මයාගේ ගෝලයෙක්. ඔහු ජයසේන මහත්මයාගේ අනුමැතිය ඇතිව ‘මනරංජන වැඩවර්ජන. නාට්‍යයේ පිටපත ඉල්ලාගෙන ඒ නාට්‍ය නැවත නිෂ්පාදනය කරනව. එතනදි මාවත් චරිතයකට තෝරාගන්නවා. ඉන් පස්සෙ ආර්. ආර්. සමරකෝන් මහත්මයාගේ ‘කැලණි පාලම.” හේමසිරි ප‍්‍රනාන්දු මහත්මයාගේ ‘සුවඳ පුරය.” රණසිරි ප‍්‍රනාන්දු මහත්මයාගේ ‘භාණ්ඩාගාරය හිස්.” සිරිල් ධර්මවර්ධන මහත්මයාගේ ‘අංගාරා ගඟ ගලා බසී. සහ අවසාන වශයෙන් ‘අහසින් වැටුණ මිනිස්සු. යන නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

 මගෙන් වැඩක්

 මගේ යහළුවකුගේ නිෂ්පාදන දායකත්වයෙන් ‘සම්භාවනීය කුණු සහ ගගන සරණ කුරුල්ලනේ. යන නාට්‍ය දෙක මම අධ්‍යක්‍ෂණය කරනව. ඒ 1989 -90 කාලයේදී. සරත් කුලාංග සහ සරත් චන්ද්‍රසිරි යන ශිල්පීන් මේ සඳහා දායක වෙනව.

 අවදානමක් මැද

 මේ රට තුළ භිෂණයක් පැතිරුණ කාලයක්. නාට්‍යයට අවශ්‍ය වන ලී තුවක්කු කිහිපයක්ම අපේ ගෙදර තිබුණා. පොලිසිය හමුදාව නිතරම ගෙවල් පරීක්‍ෂා කරනවා. එතනදි මගේ බිරිඳ මේ අවදානම ගැන පැහැදිළි කළා. අවසානයේ ජීවිත අවධානම ගැන හිතල ඒ තුවක්කු ලිපේ දාලා පුච්චන්න තීරණය කළා.

 හැකියාවන් රැසක්

 මගේ හැකියාවන් වේදිකාවට පමණක් සීමා වුණේ නැහැ. ගුවන්විදුලි නාට්‍යවල රඟපෑම” කාටූන් වැඩසටහන්වල හ`ඩකැවීම” ලංකාවේ විකාශනය කරන විදේශීය ටෙලි නාට්‍යවල හ`ඩකැවීම ආදියට අදටත් මගේ දායකත්වය ලබාදෙනවා.

 පසුතැවීම

 කලාව මගේ ඇෙඟ් තිබුණ දෙයක්. ඒ නිසා පාසලෙන් ඉවත් වුණ දා පටන් මගේ වෘත්තිය හැටියට තෝරාගත්තේ කලාව. ඒක මගේ ස්වයං තීරණයක්. නමුත් මට අද තේරෙනව එදා මම ගත්ත තීරණය වැරදියි කියල. මොකද වෘත්තීය මට්ටමින් කලාව කරන්න සුදුසු තත්ත්වයක් ලංකාව තුළ නැහැ. අත් දෙකේ” කකුල් දෙකේ සහ කටහෙඬ් පණ තියෙනතුරු පමණයි මේ හැමදේම. එවා වාරු නැති දවසට අවලංගු කාසියක් වගෙයි.

 එදා සහ අද

 වේදිකා නාට්‍ය විෂයේ ගැඹුරු බව හිතලා සමාජයට ප‍්‍රයෝජනවත් නාට්‍ය බිහි වුණා. නාමෙල් වීරමුණි” හෙන්රි ජයසේන” ආර්. ආර්. සමරකෝන්” දයානන්ද ගුණවර්ධන වගේ ප‍්‍රවීණයන් සමග වේදිකාව බැබලූණ යුගයක් තිබුණා. නමුත් අදවෙනකොට ඒ යුගය කඩාවැටීමට ලක්වෙලා” උසුළු විසුළු පමණක් ඇති නාට්‍ය බිහිවෙන තත්ත්වයකට වේදිකාව පත්වෙලා.

 සම්මානයක සිහිනය

 ඇත්තටම එදා අපි රඟපෑවෙ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි. එහෙම දෙයක් ගැන සිහිනයක් වත් තිබුණෙ නැහැ. අපේ ඇෙඟ් කලාව වෙනුවෙන් ගායක් තිබුණා. ඒකෙන් සමාජයට යහපතක් වෙන දෙයක් කරන්නයි නිතරම උත්සාහ කළේ. මේ වන විට මගේ කලා දිවියට වසර පනස් දෙකක් වෙනවා. අද වනතුරුත් වේදිකාව වෙනුවෙන් සම්මානයක් ලැබිල නැහැ. නමුත් ගවන්විදුලිය වෙනුවෙන් කළ සේවය අගැයීමට ‘වසරේ විශිෂ්ඨතම ගුවන්විදුලි රංගන ශිල්පියා 2021. සම්මානය සංස්කෘතික අමාත්‍යංශය මගින් මට ලබා දුන්නා.

 බලාපොරොත්තුව

 වසර පනස් දෙකක් පුරා ගුවන්විදුලියෙන් මම ලැබූ අත්දැකීම් ඇසුරින් විෂය නිර්දේශයක් සකස් කළා. ප‍්‍රායෝගික අභ්‍යාස මගින් ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට කටයුතු කරන්නෙ කොහොමද කියන දේ මීට ඇතුළත් කරල තියෙනව. මට අවශ්‍ය අලුත් පරම්පරාවට මේ දේ උගන්වන්න. අපි නැති දවසක හරි අපේ ඉදිරි පරම්පරාව මේ ගැඹුර තේරුම් අරගෙන වෘත්තියේ නියැලේවි. මේ වෙනුවෙන් කවුරු හෝ මැදිහත් වෙනවා නම් ඒක මට ලොකු හයියක්.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment