‘හදන්නෙක් සහ බිඳින්නෙක්’ මූර්ති වහරේ තිස්ස රණසිංහ

595

තිස්ස රණසිංහයන් 1925 මැයි 09 වන දින සඳලංකාවට නුදුරු යෝගියාන නම් පිටිසර ගමෙහි උපත ලැබීය. පළමුවෙන්ම ඔහු යෝගියාන සිංහල පාසලෙන්ද, යුද්ධ කාලයේදී මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් ද පසුව කොළඹ රාජකීය විදුහලෙන් ද ඉගෙනුම ලැබීය. මුලින්ම මූර්ති කලාවේ විවිධ ශිල්ප ක‍්‍රම තිස්ස රණසිංහ ඉගෙන ගෙන ඇත්තේ රූප ඇඹීමේ කුසලතාවක් තිබූ ඉන්දීය සම්භාව්‍යයකින් යුක්ත වඩ්වේල් ආචාරිය යටතේය. එයින් පසුව මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලේ අධ්‍යාපනය ලබන අවධියේදී බී. එස්. වී. මෙන්ඩිස් හා සල්ගාදු යන ගුරුවරු යටතේ චිත‍්‍ර කලාව පිළිබඳ ශිල්පය හදාරා ඇත.

ඔහුගේ පියා වූයේ සොලමන් රණසිංහ රාලහාමිය. මව වූයේ සෝමා රණසිංහය. තිස්ස රණසිංහගේ හැකියාවන් වඩ වඩාත් හ`දුනාගෙන තිබුණේ සිය මවය.

මුලින්ම පේරාදෙණිය ගොවිකම් අභ්‍යාස විදුහලේ සහ මහ ඉ ලූප්පල්ලම ගොවිකම් ආයතනයේ සේවයට ගිය තිස්ස එයින් ඔහුට ද, රටට ද සේවයක් නොවුණ නිසා කල කිරී ආණ්ඩුවේ රැුකියාවෙන් ඉවත් විය.

'හදන්නෙක් සහ බිඳින්නෙක්' මූර්ති වහරේ තිස්ස රණසිංහ

පසුකාලීනව කලාවට ඇති ආශාව නිසාම රජයේ කලායතනයට ඇතුළත් වුණු තිස්ස එහි අධිපති ජේ. ඞී. ඒ. ශූරීන් හමුවිය. ”චිත‍්‍ර ශිල්පීන් ඕනෑ තරම් ඉන්නවා ඔබ හොඳ මූර්ති ශිල්පියෙක් වෙන්න ඕනෑ”

ජේ. ඞී. ඒ. තිස්සට පැවසීය. තිස්සගේ සතුට හා හැකියාව හ`දුනා ගත් ජේ. ඞී. ඒ. ප‍්‍රවීණ මූර්ති ශිල්පිනි රතී ධනපාල වෙත තිස්ස යොමු කළේය. රතී ධනපාල යනු මහා පත‍්‍ර කලාවේදී ඞී. බී. ධනපාල ශූරීන්ගේ බිරිඳයි.

එයින් පසුව තිස්සට එතෙර ශිෂ්‍යත්වයක් හිමි වුවත් නොයෙකුත් අයගේ කුහකකම්, කෙණෙහිලි හා කුමන්ත‍්‍රණ තුළින් එම ශිෂ්‍යත්වය අහිමි වී යන්නේය. එයින් අධෛර්යමත් නොවුණු තිස්ස 1954 දී එංගලන්තය බලා යන්නේය.

ඉන්පසු සිදුවීම ඔහුගේම වචනයෙන් පවසනවා නම්,

”මම මුලින්ම ඉගෙන ගත්තේ චෙල්සියා පාසලේ (CHELSEA SCHOOL OF ART) 1954 සිට 1958 දක්වා කාලය තුළ එහි ඉගෙන ගත්තා. තිස්ස රණසිංහයන් ගේ චෙල්සියාවල ගුරුවරුන් වූයේ විලිසොකොප් (WILLI SOWKOP) සහ මහාචාර්ය බර්නාඩ් මෙඩොව්ස් (BERNARD MEDOWS) යන අයයි. එයින් පසුව 1961 දී රාජකීය කලා පාසලේදී (ROYAL COLLEGE OF ART) හි ඉගෙන ගත්තා. 1963 දක්වා ඉගෙන ගත් මොහුගේ මෙහි ගුරුවරුන් වූයේ ඇන්ජලෝනි (ANGELONI) සහෝදරයන් දෙදෙනා ඔවුන් ඉතාලි ජාතිකයන් වරෙක යුනෙස්කෝව මඟින් ශිෂ්‍යත්වයක් ලැබීමෙන් අනතුරුව ඉතාලිය, ප‍්‍රංශය, ඕලන්දය සහ ජර්මනිය යන රටවල කලාගාර බලා දැනුම් සම්භාරයක් ලබා ගැනීමට තිස්ස රණසිංහයට වන මට ලැබුණා.’’

1970 – 71 වසරවල රජයේ කලායතනයේ විදුහල්පතිව සිටියත් මොහු ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති මාලාව හරි හැටි ක‍්‍රියාත්මක කිරීමට ඉඩනොදී එවකට සිටි ශිෂ්‍ය සංගම් ඇමරිකාවට ගැතිකම් කරනවා කියා පැවසූ හෙයින් තිස්ස රණසිංහයන් සිය ධුරවලින් ඉල්ලා අස් වී දැඩි කල කිරීමේ සිතින් තම බි‍්‍රතාන්‍ය ජාතික බිරිඳ සැලී කූපර් සම`ග නැවත එංගලන්තය බලා පිටත්ව ගියේය.

'හදන්නෙක් සහ බිඳින්නෙක්' මූර්ති වහරේ තිස්ස රණසිංහ

කෙසේ හෝ නැවත 1972 වසරේ සිට රාජකීය කලායතනයේ සිට සහකාර ලෝහ ප‍්‍රතිමා වාත්තු කරන්නෙක් ලෙස සේවයට බැඳී දේශ දේශාන්තර රටවල සිසුන්ට තම දැනුම ලබා දෙන ලදී. අවුරුදු 19 ක සේවා කාලයක් එහි සේවය කර ඇති ඔහුගේ සේවය ගුණමකු ශිෂ්‍ය සංගම්වල විරෝධතා නිසා ශ‍්‍රී ලංකාවට අහිමි වී ගිය මූර්තිමය හිඩැස තවමත් ලාංකීය සමාජය තුළ පිර වී නොමැත.

උඩුකය මූර්ති සහ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ මූර්ති ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කිරීමට තිස්ස දැක්වූයේ සුවිශේෂ දක්ෂතාවකි. මෙහිදී තිස්ස රණසිංහ මෙම මූර්ති වලට ඔවුන්ගේ චරිත ලක්ෂණ, දේහ ලක්ෂණ හා ජීවමාන බව ටුල්ස් (TOOLS) ආධාරයෙන් නෙරීම් හැරීම් සීරීම් කරමින් ගොඩ නැගීමට තිස්ස රණසිංහයන් හැමවිටම වගබලා ගත් අතර තමන්ගේ ශිල්පීය අනන්‍යතාව ඒ තුළට ඇතුළත් කර ගැනීමට මොහු අමතක කළේ නැත.

මොහු අතින් කරන ලද ජීවමාන බව පෙන්නුම් කරන උඩුකය පමණක් පෙන්නුම් කරන ලෙස නිර්මාණ කර ඇති ඉඟිනියාගල වැව් බැම්මේ ගලක් මත පිහිටුවා ඇති මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතාගේ උඩුකය මූර්තිය විශිෂ්ට නිර්මාණයකි. ප‍්‍රතාපවත් බැල්මකින් ගල්ඔය ඉඟිනියාගල ජලාශය දෙස බලා සිටින අයුරු ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය කර එයට ජිව බවක් ලබා දීමට තිස්ස මෙතරම් දක්ෂයෙකු වී ඇති වග අපට මෙම නිර්මාණය ඉතා සූක්ෂම ලෙස අධ්‍යනය කිරීමේදී මනාව පසක් වේ. එයට අමතරව වැලිගම නගරය පසු වන විට හමුවන මුහන්දිරම් සමරවීර මූර්තියද මොහු අතින් බිහි වු තවත් අගනා කලාත්මක නිර්මාණයකි. එයට අමතරව ඉපැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට මහාමාන්‍ය ඞී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ශ‍්‍රීමත් ජෝන් කොතලාවල, ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක යන අයගේ ජීවමාන මූර්ති තිස්ස රණසිංහයන් අතින් බිහිවූයේ උසස් ජීවමාන මූර්ති පෙළක් ලෙසය. එක එක පුද්ගලයාට ආවේණික චරිත හා දේහ ලක්ෂණයන් මනාව පෙන්නුම් කීරිමට මෙම මූර්ති පෙළ නිර්මාණය කිරීමේදී තිස්සගේ දෑත ප‍්‍රයෝජනයට ගෙන ඇත.

'හදන්නෙක් සහ බිඳින්නෙක්' මූර්ති වහරේ තිස්ස රණසිංහ

මහාමාන්‍ය ඞී. එස්. සේනානායක අගමැතිතුමාගේ ප‍්‍රතිමාවක් 1957 පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල පිහිටුවන ලදී. එය නිර්මාණය කර ඇත්තේ ජෙම්ස් වුඩ්ෆෝර්ඩ් නම් බි‍්‍රතාන්‍ය මූර්ති ශිල්පියායි. 1957 මාර්තු 07 වන දින ඔබ්සවර් පුවත්පතේ කර්තෘ වාක්‍යයෙන් තිගැස්සී එම මූර්තිය එරට වගකිවයුත්තන් විසින් එතනින් ඉවත් කරන ලදී. ඞී. එස්. සේනානායක මහතාගේ මතකයට ගැළපෙන මූර්තියක් නිමවැන්නයි. එහිදී ඉල්ලා සිටියේය. පසුව ලන්ඩනයේ මූර්තිය හදාරා අවසන් කළ තරුණ මූර්ති ශිල්පි තිස්සට මේ අවස්ථාව ලැබුණු අතර අදටත් දැකිය හැක්කේ එතන තිස්ස නිර්මාණය කළ මූර්තියයි. එම මූර්තියෙහි දකුණු අතෙහි, දේවෝ වස්තු කාලේන, යන සුප‍්‍රකට ගාථාව ඉංග‍්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර කොටන ලද කඩදාසියක් ද එහි දැක්වේ. මේ ප‍්‍රතිමාව ශ‍්‍රී ලාංකීය මූර්ති ශිල්පියෙකු විසින් කරන ලද එම වර්ගයේ මුල්ම කෘතිය ලෙස ඉතිහාසගත වෙයි. එයට අමතරව තිස්ස අතින් බෞද්ධ පුනර්ජීවයක් ඇති කළ මහා බෞද්ධ නායකයෙකු වන හෙන්රි ස්ටිල් ඕල්කට් ප‍්‍රතිමාද තිස්සගේ මූර්ති අතර වැදගත් තැනක් ගන්නා මූර්තියක් වේ. එයට අමතරව තිස්ස ගේ ශිල්පීය තාක්ෂණය ඔස්සේ උඩුකය මූර්ති රැසක් නිර්මාණය වු අතර ඒවා ඇතැම් ඒවා ජන සමාජයට නිතර ගැටෙන ඒවා අතර ඇතැම් ඒවා බොහෝ දෙනෙක් තියෙන තැනැක්වත් නොදනිති.

කොළඹ ජාතික කලාභවතේ ඇති නැසීගිය, රොම්ලස් සිල්වා, මහාචාර්ය සෙනරත් පරණවිතාන එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, ලේඛක මාර්ටින් වික‍්‍රමසිංහ, මුදලිදු ඒ. සී. ජී. එස්. අමරසේකර යන අයගේ මූර්ති ජාතික කලාභවනේ හුදකලා බවට පත් වී ඇත. මේවා නිසි නඩත්තුන්ට ලක්වන්නේ දැයි ද සැක සහිතය. නිසි නඩත්තුවල ලක් නොකරන්නේ නම් සියලූ දෙනාට මේ සියල්ල අමතක වී යනවා නම් තිස්ස රණසිංහයන්ට අපි සියලූ දෙනා කරන සාපරාධී ක‍්‍රියාවකි. ලයනල් වෙන්ඩ් කලාගාරයට ගියහොත් මොහුගේ තවත් අපූර්ව මූර්තියක් අපට දැකගත හැකිය. උඩුකය මූර්තියක් වන මෙය ආතර් වැන් ලැන්ග්බර්ගේ මූර්තියයි. නීති පුස්තකාලයේ නැසී ගිය ඒ. එච්. වී. පෙරේරා කොළඹ තරුණ බෞද්ධ සමාගම් ශාලාවේ නැසී ගිය සර්. ඞී. බී. ජයතිලක ශ‍්‍රිමත් සිරිල් ඞී. සොයිසා යන ප‍්‍රභූන්ගේ මූර්ති තිස්ස අතින් නිර්මාණය වූ නිතර රසිකයාට ඇස නොගැටෙන මූර්ති කිහිපයකි. තිස්ස රණසිංහගේ මූර්ති අතර මුල්ම සරසවි සම්මානය මූර්තියද ඉතා වැදගත් වේ. තිස්ස රණසිංහට මෙම මූර්තිය නිර්මාණය තැනීමට අවස්ථාව දුන් පසු එම නිර්මාණය කිරීමට සිතුවිල්ල ගොඩ නැගුණු අයුරු ඔහුගේ වචනයෙන්ම ප‍්‍රකාශ කරනාවා නම්, සරසවි සම්මානය කිව්ව ගමන් මගේ මතකයට ආවේ සරස්වතී දේවිය මොනරකු පිට වීණාවක් අතැතිව ඉන්න ආකාරයයි. මුල්ම සරසවි සම්මානය නිර්මාණය කිරීමට එදා මට ලැබුණේ රුපියල් 300 ක්. ඒ කාලේ ඒක ලොකු මුදලක් එයට පසුව ඉහත කී උඩුකය මූර්ති හදන කාලේ තිස්සට එකකට ගෙවුම් ගාස්තුව, වශයෙන් රු. 3000 ක මුදලක් සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ගෙවා ඇති අතර ඒවායින් තිස්සට ලෝහ ගන්නවත් එම මුදල ප‍්‍රමාණවත් වී නැත. මෙම මුදල් වලින් රු.1000 ක මුදලක් මෙම ත්‍යාගශීලී මූර්ති ශිල්පියා රොම්ලස් මාස්ටර්ටයි ඇනී බොතේජුටයි ලබා දී ඇත.

මැටි මාධ්‍යයෙන් මූර්ති නෙළීමට (ටෙරාකොටා) තිස්සට තිබුණේ අපූරු හැකියාවකි. එයට හොඳම උදාහරණයක් ලෙස සැමගේ කතාබහට ලක්වන ලාංකේය නාට්‍ය කලාවේ විකාශනය පෙන්නුම් කරන කොළඹ රාජකීය විදුහලේ අර්ධ උත්තත ලෙස නෙලා ඇති ටෙරාකොටා මූර්තිය විශේෂ තැනක් ගනී. මෙහිදී මගේ යෝජනාවේ හැටියට මෙම ටෙරාකොටා මූර්ති සංරක්ෂණයට පියවර ගතහොත් මතු පරම්පරාවටත් තිස්ස රණසිංහයන්ටත් කරන මහඟු ගෞරවයකි. කොළඹ ගාලූ මුවදොර හෝටලයේ තිබෙන ටෙරාකොටා මූර්තියද කොළඹ වැල්ලවත්ත රාම ක‍්‍රිෂ්ණා මී සමයෙහි දක්නට ලැබෙන ටෙරාකොටා මූර්තියද තිස්ස රණසිංහයන් අතින් බිහි වූ ටෙරාකොටා මූර්ති බව දන්නේ අතලොස්සකි.

රණසිංහයන් තම මූර්තිවලට ආභාෂය කරගෙන ඇත්තේ සිංහල ප‍්‍රතිමා හා ගල් කැටයම් ආදී දේවල් වල කලා ලක්ෂණත් ඕගස්ට් රොඩෑං, කොන්ස්ටන්ටින් බ‍්‍රන්කුෂි , හෙන්රි මුවර් යන මූර්ති ශිල්පීන්ගේ කලා ලක්ෂණද, ආසියානු චෝල, මූර්ති වල කලා ලක්ෂණ වලද ආභාෂයයි. මෙම මූර්ති වල විශේෂයෙන්ම රොඞීන් ගේ මූර්තිවල ඇති ක්ෂණිකත්වය හා ඛණ්ඩිත ස්වභාවය මුවර්ගේ මූර්ති වල ඇති සරල බව හා අර්ධ ව්‍යුක්ත බව, බ‍්‍රත්කුසිගේ මූර්තිවල ඇති සුමට සරල බව මෙම මූර්ති වල ඇති විශේෂ ලක්ෂණයි.

මෙරට නූතන මූර්ති කලාව ගොඩනඟා අන්තර් කීර්තියට පත් තිස්ස රණසිංහයන්ගේ කලාකෘති රැසක් විදේශ රටවල් වල ප‍්‍රදර්ශනය වීම තක් කාලීන ශ‍්‍රී ලාංකීය මාතාව ලැබූ විශේෂ ගෞරවයකි. සිංහල ප‍්‍රතිමා කලාවේ විශිෂ්ඨ ලක්ෂණ පෙන්නුම් කෙරෙන රන් පැහැයෙන් බැබළෙන ධ්‍යාන මුද්‍රාවෙන් හෙබි රාජකීය කලා එකතුවේ ශ‍්‍රී ලංකා අංශයෙහි තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමාව ඉතා වටිනා එකකි. එයට අමතරව සෝමාවතී චෛත්‍යයේ තැන්පත් කරන්නට තෝරාගත් මූර්තියක්, ලන්ඩන් බෞද්ධ විහාරයේ මූර්ති ශිල්පියාගේ පෞද්ගලික කලා එකතුවෙහි දක්නට ලැබෙන දුෂ්කර ක‍්‍රියා මූර්තියක් ඉතාමත් කලාත්මක හැඟීම්බර මූර්ති කිහිපයකි. ඒ වගේම 1965 සෝමාවතී චෛත්‍යයේ ධාතු ගර්භයේ නිධන් කිරීමට තෝරාගත් මොහුගේ දුෂ්කර ක‍්‍රියාව මූර්තියද තිස්සගේ දුෂ්කර ක‍්‍රියාව මූර්ති පෙළේ විශේෂිත වූ මූර්තියකි. අනේක විධි දුක්ඛ දෝමනස්සයන්ට ළං වෙමින් විවිධ ගැහැට ඔස්සේ බුදු බව පතා දුෂ්කර ක‍්‍රියා කරන බෝසතුන්ගේ දුක්ඛිත අවස්ථාව ලෝහ කැබැල්ලකින් කලා කෘතියක් බවට පත් කරලීමට තිස්ස ගේ බුද්ධියක් දෑතත් එකසේ කටයුතු කර ඇති වග මෙම මූර්ති පෙල දෙස බැලීමේදී මනාව පසක් වෙයි.

ඒ වගේම 1987 වර්ෂයේ මොහු අතින් නිර්මාණය කළ බුදුවීම නමැති මූර්තිය එවකට තායිලන්තයේ සිටි රජතුමාගේ 60 වන උපන් දිනයට තෑගි කිරීම සඳහා තෝරා ගැනීමද තිස්සගේ මූර්තිමය හැකියාවක් ලැබූ විශේෂ භාග්‍යයකි. ඒ වගේම ශ‍්‍රී ලංකා රජය විසින් නෙදර්ලන්ත රජයට පිරිනැමූ චූලෝදර මහෝදර කතා වස්තුව පිළිබිඹු කරන අර්ධ ලෝකඩ මූර්තියද තිස්සගේ හැකියාවන් තව තවත් ජාත්‍යන්තර තලයට ගෙන ගිය නිර්මාණයක් වේ.

ඒ වගේම ලන්ඩන් කවුන්සිලයෙහි දක්නට ලැබෙන 1957 නිර්මාණය කරන ලද මාග‍්‍රට්ටේ ගේ උඩුකය ටෙරාකොටා මූර්තියෙන් බ‍්‍රන්කුසිගේ මූර්තිවල දක්නට ලැබෙන සුමට බව හා තාත්වික බව දැකිය හැක. රණසිංහයන්ගේ අගනා කෘතියක් වූ මෙහි ලන්ඩන් කවුන්ට් කවුන්සිලය මඟින් මිලදී අරගෙන ස්ථිර ප‍්‍රදර්ශනයට තබා ඇත්තේ එහි ඇති කලාත්මක ලක්ෂණවල තියුණු දියුණු බව නිසාය.

වොෂින්ටන් බෞද්ධ විහාරයේද බෞද්ධ මූර්ති රැසක් නිත්‍ය ප‍්‍රදර්ශනයට තබමින් ඔවුන් අදටත් තිස්සට ගෞරව දක්වයි.

රෝයල් කලා ආයතනයේ දක්නට ඇති එඩ්වඩ් බර්ඩර්ගේ ප‍්‍රතිරූප මූර්තියන්, ස්වීඩනයේ මෙල්මෝ නූතන කලා කෞතුකාගාරයේ දක්නට ඇති මූර්තියන්, මොහුගේ විශේෂ මූර්ති ගණයට අයත් වූ ඒවා වේ. එයට අමතරව ඇමරිකාව, එංගලන්තය, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල පෞද්ගලික කලා එකතුවන්හිද තිස්සගේ මූර්ති දක්නට ලැබේ.

පළමුවරට ශ‍්‍රී ලාංකිකයෙකුට මූර්තිය ශිල්පය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් හිමිවූයේ තිස්ස රණසිංහයන්ටය. ඒ 1963 වසරේ බ‍්‍රසීලයේ පැවැත්වූ හත්වැනි සා ඕ පා ඕලෝ (SAO PAOLO) නම් ද්විවාර්ෂික ප‍්‍රදර්ශනයේදී මොහු ඉදිරිපත් කළ, තපස, නොහොත් පව් සමාව (PENANCE) නම් මූර්තියටයි.මේ තරගයට රටවල් පනස් හයක ශිල්පීන් ඉදිරිපත් වූ අතර අනෙක් සම්මාන හිමිවූ රටවල් වූයේ ස්විට්සර්ලන්තය චිලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. තිස්ස රණසිංහයන්ගේ නිර්මාණවලට වස්තු බීජ වූයේ බෞද්ධ හින්දු දර්ශනය හා මිත්‍යා සංකල්පයි. පෙරදිග කලාපයට වඩාත් සමීප බවක් දක්වන පුරාණ ඇදහිලි මිථ්‍යා පුරෝණෝක්ති සංකල්ප ස්වාධීන නූතන මූර්තිවල දක්වන හැඩයත් සම`ග සම්මිශ‍්‍රණය කර ව්‍යුක්ත ලෙස තම මූර්තිය තුළින් පෙන්වා දැක්වීමට තිස්ස හැමවිටම ප‍්‍රියතාවක් දක්වා ඇත. දිගටි සරල හැඩරටා මොහුගේ මූර්තිවල දක්නට ලැබීමද විශේෂ ලක්ෂණයකි.

එක්තරා බටහිර කලා විචාරකයෙකු මොහුගේ මූර්ති ගැන මනා හැදෑරීමක් කර මෙසේ ප‍්‍රකාශ කර ඇත.

ඔහුගේ මූර්ති ඉතාලි ජාතික විශිෂ්ට මූර්ති කලා ශිල්පියෙකු වූ ‘‘ගයකොමෙන්තිගේ’’ ශෛලයට සමාන යැයි ඔහු ප‍්‍රකාශ කර ඇත. ‘‘දුෂ්කර ක‍්‍රියාව’’, ‘‘පව්සමාව’’ , ‘‘ගණපති’’ ‘‘ගොනා සහ පදවන්නා’’ , ‘‘මොනරා සහ පදවන්නා’’ , ‘‘ශිව’’ , ‘‘මිථුන’’ යන මූර්ති විශේෂයෙන්ම මොහු අතින් නිර්මාණය වූ කැපී පෙනෙන මූර්තිි කිහිපයකි.

විටෙක තිස්ස රණසිංහ ප‍්‍රවීණ මූර්ති ශිල්පයෙකු වූ එඩ්වඩ් පා ඕලොසි තිස්ස හඳුන්වන්නේ සහජයෙන් උරුම වූ හැකියාවෙන් යුතු වූ ශ්‍රේෂ්ඨ ඉතාලියානු මූර්ති ශිල්පීන් හා සමතැනක තැබිය හැකි කලාකරුවෙකුට හිමි සුවිශ්ට දර්ශනයකින් හෙබි දුලබ මිනිසෙකු වශයෙන්ය.

HTML clipboard ලේඛකයෙකු හා කලා විචාරකයෙකු වන මයිකල් රයිට් තිස්ස රණසිංහ හ`දුන්වන්නේ හදන්නෙක් සහ බි`දින්නෙක් වශයෙනි. මයිකල් රයිට් තවදුරටත් පවසන්නේ තිස්ස බුද්ධිත්වය සහ සාහසික ගැටුමකින් පසු අත්කර ගන්නා විජයග‍්‍රහණය අලූත් දෘෂ්ටියකින් බැලීමට තරම් නිර්භීත වනවා යන්නයි.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා බටහිර ප‍්‍රතිමා කලාවේ බලපෑමට වඩා එහි හුරුකම ඔබට තියෙනවා කියා වරෙක ප‍්‍රකාශ කර ඇත.

ත්‍යාගශීලී අනුකම්පා සහගත හදවතක් ඇති යෝගියාන ගමෙහි හැදී වැඩි කලක් එංගලන්තයේ ජීවත් වූ තිස්සට මෙම රටවල ඇති විවිධ කම්පන තමාටද ලැබුණු බව පිටකොටුවේ බස් බෝම්බය සිහි ගන්වන මූර්තියක් මෙවර සුනාමිය ගැන නිර්මාණය කළ මූර්තිත් ඔහු අපට ප‍්‍රකාශ කර ඇත.

තවද චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් ප‍්‍රකාශිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ THE CULT OF THE GODDESS PATTANI කෘතියේ පිටකවරය සඳහා යොදාගෙන ඇත්තේ තිස්ස රණසිංහගේ මූර්තියකි.

ශ්‍රේෂ්ඨ මූර්ති කලාවක් අපට අතීතය තුළත් වර්තමානය තුළත් ඇති වග තිස්ස රණසිංයහන් ඔහුගේ සමස්ත කලාකෘති පද්ධතිය තුළින් පෙන්නුම් කරයි. දෙස් විදෙස් රටවල් රැුසක නිර්මාණ ප‍්‍රදර්ශන රැුසක් පවත්වා ඇති තිස්ස රණසිංහ වරෙක පැවසුවේ අප රටේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම කලාකරුවා ගල් විහාරයේ බුදු පිළිම නෙළනු ලැබූ කලා ශිල්පියා බවයි.

අපි සාමාන්‍ය මිනිස්සු මම නිකම්ම නිකන් තිස්ස ප‍්‍රසිද්ධියට අකැමැති මේ අපූර්ව පුද්ගලයා විටෙක පවසා ඇත.

මෙවන් උතුම් මානව ගුණාංග තිබුණු ශ්‍රේෂ්ඨ කලා කෞශල්‍යයක් තිබූ තිස්ස රණසිංහයන් ගැන විධිමත් කතිකාවක් තවම සිදුවී නොමැත. තිස්ස වෙනුවෙන් අපට කළ දෑ බොහෝය. එහෙත් කනගාටුවෙන් හෝ ප‍්‍රකාශ කර පවසන්න ඇත්තේ තිස්සට අපි කළ දෑ කුමක්ද යන්නයි. තිස්ස රණසිංහයන් නමැති ත්‍යාගශීලී මානවයා පරක් තෙරක් නොබලා සියලූ දෙනාටම උදව් උපකාර කළේය. එහෙත් ඔවුන්ට ඒ සියල්ලම අමතකය. තිස්ස සිහිකරන දිනයේදී ලිපියක් පුවත්පතට ලියා හෝ මේ අයුරින් මූර්ති ශිල්පියා සිහි ගැන්වීම අප කාගේ හෝ වගකීමක් නොවන්නේද? එය සිදුවිය යුතු කාලය දැනටමත් ප‍්‍රමාද වැඩිය. කළ යුත්තේ තිස්ස යනු කුමන හැකියාවන් වලින් පිරි පුද්ගලයෙක්ද යන්න අනාගත පරපුර අතරේ ඔහුගේ නාමය සුරැුකෙන්න වැඩ කටයුතු කිරීමයි.

එවන් ආකාරයට තිස්ස රණසිංහයන්ගේ නාමය සුරැකෙන පරිදි අඩුම තරමින් සමරු මුද්දරයක් නිකුත් කීරීමවත් එසේත්, නොමැති නම් ඔහු ගේ පුද්ගල මූර්තියක් ස්ථාපිත කීරීමත් නොඑසේ නම් ඔහුගේ ස්මරණ කලා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමත් කළහොත් වඩාත් උචිත යැයි වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි.

චන්දන රණවීර
අලව්ව මහරච්චිමුල්ල කන්දේගෙදර
මහ විදුහලේ හිටපු චිත‍්‍ර උපදේශක

'හදන්නෙක් සහ බිඳින්නෙක්' මූර්ති වහරේ තිස්ස රණසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment