හදිසි නීති රෙගුලාසිවලට අදාළ පාර්ලිමේන්තු විවාදය අද

176

අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් ජනාදිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ මීට විරුද්ධව සිය ඡන්දය ප‍්‍රකාශකරන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමාකර ඇත.

මේ අතර පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මන්ඩලය මෙන්ම පාර්ලිමේන්තු කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා ද වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.


advertistmentadvertistment