හඳගම ලියූ කවිය හා නෙරූදා නොලියූ කවිය

335

ඇල්බොරාදා කතාවේ ඇතුළාන්තය මෙන්න….

 කැමැත්ත සහ අකමැත්තේ නිර්ණායකය එක්තරා අතකින් කාල නිර්ණායකයක් වන්නා සේම, අනික් අතට සංස්කෘතික කියැවීමක් ද වන්නේය. චිලි ජාතික මහා කවියා ලෙස ලෝකය හ`දුනාගත් පැබ්ලෝ නෙරුදා ගේ ලංකාගමනය සනිටුහන් වන්නේ සාහිත්‍යවේදයේ කතාබහක් ලෙස නොවේ. එය රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රවේශයකි. නෙරුඩා ලක්බිම මත පය තබන්නේ, චිලිය නියෝජනය කරමින් ලංකාවේ කොන්සල් ජෙනරාල්වරයා ලෙසය. ඔහු ගේ මෙහි නවාතැන්පොළ වන්නේ වැල්වත්ත ප‍්‍රදේශයේ වෙරළබඩ ගෘහයකි. එය වැසිකිළි පද්ධති තිබූ කාලයක් නොවේ. මළ අපවාහනය ස`දහා තිබූ විස`දුම වූයේ, වැසිකිළි බාල්දි ක‍්‍රමවේදයයි. පාන්දර හිරු එළිය වැටීමට පෙර, නිවෙස් අසල ඇති වැසිකිළි පසුපසින් ගොස් පෙරදා වංශවතුන් පිට කළ වසුරු බාල්දිය හිස මත තබාගෙන යන සක්කිලි කුලයේ පිරිස් ඒ යුගයේ සුලබ දසුනක් විය. ඔවුන් ඉර සේවනය ඉන්දීය සාගරයට මෝදු වීමට පෙර, වංශවතුන්ගේ සියලූ කැතකුණු, සමුද්‍රයේ බහාලනුයේ සිය ජීවිකාව උදෙසාය. සිය වසුරු මුහුදු වෙරළට හෙළීම සරණකර ගත් ඔවුහු, වංශවතුන්ගේ කැත කුණු, පිරිපහදු කරනා යන්ත‍්‍රාගාර වැනි විය.

 මේ පසුබිම කතාවය. එය අයත් වන්නේ,

 1929 – 31 කාලයටය. සිය දේශය, ලෝකය පුරා කවියෙන් ආනන්දනීය කරවූ නෙරුඩාගේ නාමය ඊට වසර ගණනකට පසු 2018 වසරේදී චිලියේ නැවත නින්නාද වන්නට පටන් ගත්තේය.

හඳගම ලියූ කවිය හා නෙරූදා නොලියූ කවිය

 චිලියේ සන්තියාගෝ ගුවන්තොටුපළ ‘පැබ්ලෝ නෙරුදා‘ නාමකරණයෙන් හැඩ කරවීමට එරට රජය තීරණය කළේය. මේ තීරණයට එරෙහිව එරට ස්ත‍්‍රීවාදී සංවිධාන හා මානව හිමිකම් ක‍්‍රියාකාරී හු දැඩි සේ හ`ඩ න`ගන්නට පටන් ගත්හ. පසි`දු කවියාගේ ස්ත‍්‍රී දුෂණයෙහි එහි ලා ප‍්‍රධාන හේතුව විය. ඔහු ලක්දිව සිය සේවා කාලය තුළදී, කම්කරු ස්ත‍්‍රියක් ෂණය කළ බව එම විරෝධයේ පදනම විය. තරු එළියට සහ වැල්ලවත්ත වෙරළ තීරයට පමණක් දැන සිටි රහසක් වූ පැබ්ලෝගේ සහ මළ බාල්දි උසුලන්නියගේ කතාව, නෙරුදා සිය මතක සටහනකදී දිග හැර තිබුණි. දිදුලන හුදකලාව (  Luminous Solitude ) නම් වූ ඒ මතකය ඇයගේ කතාව වූවා සේම ඔහුගේ කවිකම, ස්ත‍්‍රී ෂකයකු තෙක් පරිණාමයට ලක් කළේය. ඔහු මුදා හළ රහසම, ඔහුට එදිරිව සාක්ෂියක් වෙමින් ඔහුගේ උපන් රට තුළ කවියෙක් යන විරුදාවලිය කාල තරණය කර ස්ත‍්‍රී ෂකයෙක් දක්වා ඔහුගේ ගමනාන්තය සටහන් කළේය.

 රිකාඩෝ එලිසර් නෙෆ්ටාලි රියෙස් බැසොල්කෝ නම් සිය උපන් නම ඔහු කවිකමේදී හැර දමන ලද්දේ කවියකු වනවාට එරෙහි සිය පියාගෙන් සැ`ගවෙන්නටය. ඔහුගේ කවි නාමය ලෝකයම, ඔහු පමණක් නොව චිලියම දැනගත් පැබ්ලෝ නෙරුඩා විය.

 සිය යහනෙන් පාන්දරම නැ`ගිට ගත් නෙරුඩා, උදෑසනම වැසිකිළිය කරා පිය මනී. එහිදී ඔහු සැමදාම දකින්නේ පිරිසිදු වූ වැසිකිළි පරිසරයකි. එක් අලූයමක ඔහු වැසිකිළියේ දොර හරිනවිට බාල්දිය වෙත දිගු වන වළලූ සහිත දුඹුරු දෑතක් දුටුවේය. එය ඔහු ගේ මතකයේ රැු`දුනි. ඒ අත හිමි ලිය දකිනු රිසින් ඔහු තවත් පාන්දරින් වෙරළ තීරයට පිවිසියේය. දිනය උදාවිය. ඇගේ නිරුවත් දේහය, දකුණු ඉන්දියානු දෙවොලක දී දක්නට ලැබෙන දෙවඟන පිළිරුවක් බඳු යැයි නෙරුදා සඳහන් කරයි.

 මේ ‘දෙවඟන‘ හා එක්වීම අපේක්ෂා කළ තරම් ආස්වාදජනක නොවී යැයි නෙරූදා තම

 මතක වතේ සටහන් තබමින් පවසයි.

 ”එම එක්වීම මිනිසකු හා ප‍්‍රතිමාවක් අතර සිදු වූවක් බඳුවිය. එම මුළු කාලය තුළම ඇය ඇස්

 ඇරගෙන, ඔහේ බලා සිටියේ, මට කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වමිනි.”

 එයින් කතාව නිමාවට පත් නොවීය. ලංකාවේදී ඔහු සිය සල්ලාල ජීවිතය ස`දහා විවිධ තරාතිරමේ ගැහැනු සිය යහනට රැගෙන ගියේය. එසේ වුවත් ඔහුට දෙව`ගන වූයේ ඇය පමණය. ලක්දිව මතක අතරට ඔහු අකුරු කරවූයේ ඇය ගැනම පමණය.

 මේ නිමිත්ත The Poem Neruda Never Wrote ලෙස අශෝක හ`දගම සිනමාවට නගා තිබේ. නෙරුදා නොලියූ කවිය සිනමාවට නැගීමට පෙර හ`දගම එය, කවියට නැගීය.



 The poem Neruda never wrote

 නෙරුදා නොලියූ කවිය



 ලවන මුසුව හමන සුළඟ

 සමඟ රඟන තෝඩු යුගල

 නඟන කිකිණි සවන පිනන

 බමන හිසට ගෙනෙන මිහිර.

 වෙරළ සිඹින වියරු රළට

 තෙමුණු සළඹ ලෙහුණු පයට

 බැඳුනු නෙතට පෙනුනෙ නැතිද

 බිඳුණු සිතක් මදට කිපුණ.

 ගිගිරි සලන වළලූ බිඳින

 රැුගත් විගස සුරත මිටින

 බිමට වැටුණි එඅත රැුඳුන

 ඉරටු මිටිය බිම අමදින

 තුටින් රැුගෙන බඳ තුරුලට

 ඔසවා ගමි දිව්ය අඟන

 මුවින් නොබැන සිටිමුත් ඇය

 දුටිමි පිරුණු කඳුළැල් නෙත.

 ලෙහුණි බඳට ඇළුණු සළුව

 දපන විටදි මතට සයන

 වසර දහස් කල් ඉපැරණි

 රුවකි එරුව තඹින් නෙළුව

 සියක් කතුන් හා නිදිවැද

 ඇතත් එතෙක් මෙතෙක් නොමැත

 සිතත් ගතත් තෙතක් නොමැති

 කතක් සමඟ රති සුව විඳ

 ගලක් සදිසි කයක් සමඟ

 සසඟ දුකකි සැපක් කොහිද

 අපුල බැවින් දෝ මා ගත

 ඉවත බලා සිටියේ ඇය

 කරපු පවක තරම දැනෙන

 විටත් ගොසිනි ඇය ඉවතට

 කිළිටි විනිද ඇගෙ සියොළඟ

 කසළ අදින උදය හවස.

 මකනු නොහැක සිදුවූ වරද

 විඳව විඳව හිඳිනු මිසක

 වෙරළෙ හැපී හැපී කියයි

 පරක් තෙරක් නොමැති සයුර



 මේ කව දැන් සිනමා පටයක් බවට පත්ව තිබේ. වැල්ලවත්තේ සක්කිලි ලියගේ චරිතය ස`දහා මෙහිදී පණ පොවන්නේ, හදගමගේ ඇගේ ඇස අග සිනමා පටයේ ප‍්‍රධාන චරිතය ස`දහා පණ දුන් රිතිකා කොඩිතුවක්කුය. සරසවි සිනෙරෝ ඉදිරිපත් කිරීමක් වන එය, එච්.ඞී. පේ‍්‍රමසිරිගේ නිෂ්පාදනයකි.



 ඔසිත අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment