හඳුනාගත් නාගරික ප‍්‍රදේශ, පූජා භූමි හා සංචාරක ආකර්ෂණීය ස්ථාන 35ක් සඳහා මල අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණ පද්ධතියක් සහිත වැසිකිළි පද්ධති ඉදිකිරීම සඳහා රුපියල් 380,798,377.80ක (තිස් අට කෝටි හත් ලක්ෂ අනූඅට දහස් තුන්සිය හැත්තෑ පහයි. ශත අසූවයි* මුදලක් වෙන්කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඇතැම් සංචාරක ප‍්‍රදේශවල, පූජා භූමිවල හා නාගරික ප‍්‍රදේශවල වැසිකිළි හදිසි අවශ්‍යතාවකටවත් යා නොහැකි ලෙස ජරාවාස වී ඇතැයිද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පසුගියදා පැවැති ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය. දියුණුවන නාගරික ප‍්‍රදේශවල ප‍්‍රධාන බස් නැවතුම්පළවල්, සංචාරක ආකර්ෂණීය ප‍්‍රදේශ, නාගරික වෙළෙඳ මධ්‍යස්ථාන, ක‍්‍රීඩාංගණ හා සම්මන්ත‍්‍රණශාලා ආශ‍්‍රිතව විශාල වශයෙන් මහජනතාව ගැවසෙන ප‍්‍රදේශ සඳහා ක‍්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේද සහිත සනීපාරක්ෂක උසස් නිමාවෙන් යුතු වැසිකිළි පහසුකම්වල ඌනතාවක් පවතින බවත් පළාත් පාලන ආයතන මඟින් අමාත්‍යාංශය වෙත එවැනි ගැටලූ පිළිබඳ දැනුවත් කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
දෙස් විදෙස් සංචාරකයින් සහ නොයෙකුත් අවශ්‍යතා සඳහා නගරයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂාව උදෙසා උසස් නිමාවෙන් යුතු වැසිකිළි පද්ධති ඉදිකිරීම කාලීන අවශ්‍යතාවක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
දැනට පවතින බොහෝ වැසිකිළි පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, මල අපද්‍රව්‍ය බැහැර කරලීමට නිසි ක‍්‍රමවේද නොතිබීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත. මේ හේතූන් නිසා බැතිමතුන්, සංචාරකයින් අපහසුතාවට පත්වීම දැකිය හැකිය. අනුරාධපුරය, පොළොන්නරුව, කොළඹ, රත්නපුර, ගම්පහ, මාතර, කළුතර, මාතලේ ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක, ප‍්‍රදේශ 35ක මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.
ප‍්‍රභාත් විතාන