හම්බන්තොට මන්දපෝෂණය 5%ට අඩුයි නාමයෝජනා ඉල්ලූ දොස්තර වැරදි කරුණු කියනවා

320

ඇමැති කෙහෙළිය මැතිසබයේ දී කියයි

හම්බන්තොට මන්දපෝෂණ තත්ත්වය සියයට 05කටත් අඩු බවට සහතික කර ඇති බවත් සිය පක්ෂයෙන් නාම යෝජනා ගැනීමට නොහැකි වූ වෛද්‍යවරයකු විද්‍යාත්මක නොවන කරුණු ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22දා) පැවසීය.

විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

හම්බන්තොට මන්දපෝෂණය සියයට 80ක් කිව්වා. නමුත් මන්දපෝෂණය සියයට 05කටත් අඩුයි කියලා සහතික කරනවා කලාප අධ්‍යක්ෂවරයා සහ ලේකම්තුමිය. මේ ගැන ප්‍රකාශයක් කළ වෛiවරයෙක් ඉන්නවා. ඔහුගෙන් ඇහැව්වහම මොන පදනමක් උඩද සියයට අසූවක් කිව්වේ කියලා, ඔහු කියන්නේ එන ළමයි කිහිප දෙනෙක්ගේ බරයි උසයි බලලා කියනවා කියලා. මේ වගේ ප්‍රාථමික ප්‍රකාශයන් තුළ සිට මේ විදිහට විවේචනය කිරීම සාධාරණද? ඔය එක් වෛද්‍යවරයෙක් අපෙන් නාමයෝජනා ඉල්ලපු වෛද්‍යවරයෙක්. නිමල් සිරිපාල ඇමැතිතුමා දන්නවා ඒ ගැන. නමුත් දෙන්න බැරිවුණා. දැන් එළියට ඇවිත් හතර වතාවක් කියලා තිබෙනවා අරක අඩුයි මේක අඩුයි කියලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන මීට වඩා සොයා බලා කරුණු ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment