හයිටි ජනපති මොයිසේ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන ජනපති ආරක්‍ෂක සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ජින් ලාගුවෙල් සිවිල් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික පොලිස් දිසා කොමසාරිස් ලෙස කටයුතු කළ සිවිල් හමුදා භටයන් පාලනය කිරීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ නැති බව ඔහුගේ නීතිවේදී රෙනෝල්ඞ් ජෝජ්ස් පැවැසීය. අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු නිවාස අඩස්සියේ පසුවිය. මේ අතර හයිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්වූ වින්ඩෙල් කේලොට් අතුරුදන් වී ඇති අතර ඇයව පොලිසියට ඕනෑකරන තැනැත්තියක් ලෙස හඳුන්වා ඇත. ඇයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විඩිකල් ඩබ්රේඩිල්ද හයිටි ජනපති ඝාතනයට අවශ්‍ය කරන අයෙක් බව රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා හෙළිකර තිබේ.
|