වැලිගමදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 219 ක් වටිනා හෙරොයින් තොගය මෙරටට එවනු ලැබූ බව කියන නඳුන් චින්තක නොහොත් හරක් කටා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත්ව සිටින හරක් කටා නමැත්තා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැ`ගවී සිටිමින් රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොගපිටින් මෙරටට එවන බවද මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව ඇති මත්ද්‍රව්‍ය චෝදනා සියල්ල එක්රැස් කර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබාගෙන මොහු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටියි.
මේ අතර පසුගියදා වැලිගමදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 219 රැගෙන ඒමට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වැලිගමදී පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
එම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වන නදුන් චින්තක නොහොත් හරක් කටා මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
මොහු මීට ටික කාලයකට පෙර ඩුබායි රාජ්‍යයට පලා ගිය අතර එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවයි.
හේමන්ත රන්දුණු