ශ්‍රී ලංකාවට නිසි සැලසුමක් නැති නිසා රටවල් උපකාර කිරීමට නොපැමිණෙන බවට තමා පැවසූ බව සඳහන් කරමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසයි.
ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බවත් ඉක්මණින් එම සහායන් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.