හරින් සහ මනූෂ දැන් ජනාධිපති උපදේශකවරු

290

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට ජනාධිපති උපදේශක තනතුරු ලබාදී ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වැනිදා ට අදාළව යොමු කර තිබේ.ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇත. කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාර මහතාට ලබාදී තිබේ.පසුගියදා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ අමාත්‍ය ධුර අහිමි විය.


advertistmentadvertistment