කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ජා.ජ.බ. අපේක්‍ෂිකා අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පත්වූවාය. හයලක්‍ෂ පනස් පන්දහස් දෙසිය අසූ නවයක් මනාප ලබාගත් ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්‍ෂිකාව බවට පත්වූවාය.
ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ චතුරංග අබේසිංහ මහතා මනාප එක්ලක්‍ෂ විසිහත් දහස් එකසිය හැටහයක් ද, සුනිල් වටගල මහතා මනාප එක්ලක්‍ෂ විසිපන්දහස් හත්සියයක් ද ලබාගෙන ලක්‍ෂය ඉක්මවා මනාප ලබාගත් අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවට ඇතුළත් වී තිබේ.
රනිල් ධර්මසේන