හරියටම එන්නත ගෙන එන අයට ගුවන් තොටුපොළේදී පීසීආර් නෑ

172

ලබන ඔක්තෝබර් පළමු වැනිදා සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙස් විදෙස් ගුවන් මගීන් ගුවන්ගත වන විට සිදු කරන ලද පීසීආර් පරීක්‍ෂණයකට අනුව ආසාදිතයකු නොවන බවට තහවුරු වී තිබේ නම් ඔවුන් මෙරටදී යළි පීසීආර් පරීක්‍ෂණයකට යොමු නොකොට සාමාන්‍ය පරිදි ගුවන් තොටුපළෙන් පිටව යෑමට අවසර හිමිවේ.

කොරෝනා මර්දන තාක්‍ෂණික කමිටුව මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙය කි‍්‍රයාත්මක වේ.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදේශ සංචාරකයන්ට ජෛව බුබුලක් ලෙස තම හෝටල් වෙත යෑමට අවස්ථාව ලැබෙන අතර එහිදී පීසීආර් පරීක්‍ෂණයකට යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ස`දහන් කරයි.

එවන් ශී‍්‍ර ලාංකිකයන්ට ගුවන් තොටුපළේදී හෝ රැු`දී සිටින හෝටලයේදී පීසීආර් පරීක්‍ෂණයකට ලක් වීමෙන් පසු ආසාදිතයකු නොවන්නේ නම් නිවෙස් වෙත යොමු කෙරෙන අතර එහිදී ඔවුන් එහිදී දින 12 ක් නිවසේ රැදී සිටීමෙන් පසු සිදු කරන පීසීආර් පරීක්‍ෂණයකට අනුව ආසාදිතයකු නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමට අවස්ථාව ලැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. මෙහිදී නිවෙස් නිරෝධායනය ස`දහා පහසුකම් නැති පුද්ගලයන්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ තමන් තෝරා ගන්නා හෝටලයක නැවතී නිරෝධායනය වී සමාජගත විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ වන විට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට ගුවන්ගත වීමට පැය 72 කට පෙර පීසීආර් පරීක්‍ෂණයක් සිදු කරන අතර එහිදී ආසාදිතයකු නොවන්නේ නම් ගුවන්ගත වීමට අවස්ථාව ලැබේ. එසේම පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් මගීන් ඉන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් ද මෙරටදී යළි පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර ආසාදිතයකු නොවන්නේ නම් සමාජගත වීමට අවස්ථාව ලැබේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment