හරියට ‘ප්ලේ’ කළා නම් චන්ද්‍රගුප්ත අහුවෙන්නේ නෑ – පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

839

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් මගඩි වැලක්

විමර්ශනයක් කරන්න

හියුමන් ඉමියුනිග්ලොබියුලින් එන්නත් වංචාවටද වඩා විශාල වංචා දූෂණ සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය රජයෙන් සහ නව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

රටේ ජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව නැවත විශ්වාසයක් ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින්ම සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කර අදාළ නිලධාරීන්ට සහ මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරවීමට පියවර ගත යුතු බව ද එම බල මණ්ඩලය ඊයේ (22 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කරනු ලබන තාක්‍ෂණික හොරකම් සිදුකරනුයේ එයට අවශ්‍ය පටාපිටාව ඔවුන් විසින්ම සකසා ගැනීමෙන් පසුව බවත් එහිදී කරනු ලබන ප්‍රසම්පාදන කටයුතුවලදී තාක්‍ෂණික ඇගයීම් කමිටුවලට අවසන් භාවිතකරුවකු සම්බන්ධ කර නොගන්නා බවත් එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අහුවුණේ එයාට මේ ගේම් එක හරියට ප්ලේ කරන්න බැරිවීම තුළ. හරියට ප්ලේ කළා නම් ඔහු අහුවෙන්නේ නැහැ. පසුගිය කාලයේ වෘත්තිකයන් විදිහට අපි සෞඛ්‍ය දූෂණ, වංචා හෙළිදරව් කළා. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශන ඉල්ලුවා. ඒත් ඒ අය කළේ තොරතුරු දුන් සංගම් නායකයන්ට සහ වෘත්තිකයන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ආරම්භ කරලා දඬුවම් කරපු එක. වෘත්තිකයන්ට වුණේ හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ වැඩක්. දැන් මේ පිළිබඳව ජනමාධ්‍ය මගින් රටට හෙළිදරව් කළ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කන්ට කරන්න දෙයක් නැති වෙලා. ඒ නිසයි අපි රජයෙන් ඇමැතිවරයාගෙන් ඉල්ලන්නේ වහාම විමර්ශන අරඹන්න කියලා යැයි ද චානක ධර්මවික්‍රම මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment