හරීන් නලින් මයන්ත හේෂා පළාත් සභාවට ලෑස්ති වෙති

234

ඉදිරි පළාත් සභා මැතිවරණයෙහි මහ ඇමැතිවරුන් ලෙස ඉදිරිපත් වීමට සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සූදානමින් සිටින බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත් සභාව සඳහා හරින් ප‍්‍රනාන්දු, වයඹ පළාත් සභාවට නලින් බණ්ඩාර, මධ්‍යම පළාත් සභාවට මයන්ත දිසානායක, සබරගමුව පළාත් සභාව සඳහා හේෂා විතානගේ හෝ වරුණ දීප්ත යන මන්ත‍්‍රීවරුන් ඉදිරිපත්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර අනෙක් පළාත් සභා සඳහා ඉදිරිපත් කරනු ලබන මහ ඇමැති අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් පක්‍ෂය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment