හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් වංචාවකින් රු.මිලියන 746.6ක් රජයට අහිමි වෙලා – ඇමැති සමන්ත විද්‍යාරත්න

30

හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කටයුතු වලදී සිදුව ඇති වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන අතර මීට සම්බන්ධ තැනැත්තා කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත් දේශපාලකයින් දෙදෙනකුට චෝදනා එල්ලවී ඇති බවත් ඇමැතිවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරන බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කීය.

සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු ඉඩම්වල වැලි කපා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment