හසරැලි නැගේ හසරංගගේ මුවේ

187

ක්‍රිකට් පිටියේ සිට නිබඳව ඔහු පිළිබිඹු කරන දස්කම් ප්‍රේක්ෂක මුවගට හසරැලි ගෙන දෙන්නට සමත් ය. එම දස්කම් මතින් ඔහු ශ්‍රී ලංකාවට ලබාදුන් ජයග්‍රහණ අපමණය. එසේ අපමණ ජනතාවගේ ආදරයට ගෞරවයට පත් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යෞවනියන් ගෙන් ලැබුණු පෙම් ඇරයුම් නම් නිමක් නැත.

හසරැලි නැගේ හසරංගගේ මුවේ
හසරැලි නැගේ හසරංගගේ මුවේ

එහෙත් වනිඳු හසරංග නම් අද ලොව විශිෂ්ටතම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නාගේ හිත ගියේ වින්ද්‍යා වෙතමය. වින්ද්‍යා පත්මපෙරුම නම් ඇය පැතූ ආදරය අද මල් ඵල දරා තිබේ.

වනිඳු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තබන්නට පෙර සිට ඔහු හා පෙමින් බැඳී සිටි ඇයගේත් වනිඳුගේත් විවාහ මංගල්‍ය උත්සවයට ඒ අනුව නැකත් උදා විය. මෙරට නියෝජනය කළ සහ දැනට කණ්ඩායමේ සිටින ක්‍රිකට් තාරකාවෝ රැසක් එම විවාහ මංගල උත්සවයට පෑයූහ.

හසරැලි නැගේ හසරංගගේ මුවේ
හසරැලි නැගේ හසරංගගේ මුවේ

සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රමුඛ වත්මන් ක්‍රිකට් තරු වන දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ ඒ අතර වූහ.

හසරැලි නැගේ හසරංගගේ මුවේ

ඉන් අශේන් බණ්ඩාර සහ අවිශ්ක ප්‍රනාන්දු වනිඳුගේ දෙවැනි මනමාලයෝය. සනත් ජයසූරිය, චමින්ද වාස්, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් ආදී ජනප්‍රිය හිටපු ක්‍රිකට් තාරකාවෝ ද

වනිඳුගේ විවාහ මංගල උත්සවයේ ගෞරවනීය ආරාධිතයෝ වූහ. ඇමැති මනූෂ නානායක්කාර සහ හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පැමිණ සිටි දේශපාලනඥයන් අතර ප්‍රමුඛයෝ ය.

හසරැලි නැගේ හසරංගගේ මුවේ
හසරැලි නැගේ හසරංගගේ මුවේ

මීට වසර අටකට දහයකට උඩදී ඇරඹි ඒ පෙම් සබැඳියාව යථාර්ථයක් වීමේ හසරැලි නොවේද හසරංගගේ මුවෙන් මේ නැගෙන්නේ?

ඡායාරූප:- ධනුෂ්ක සේනාධීර

හසරැලි නැගේ හසරංගගේ මුවේ
හසරැලි නැගේ හසරංගගේ මුවේ
හසරැලි නැගේ හසරංගගේ මුවේ
advertistmentadvertistment
advertistmentadvertistment