හැටන් අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ටෝකන් බෙදද්දී උණුසුම් තත්ත්වයක්

32

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සී. පිරවුම්හලකට ඊයේ (07 දා) එම සමාගම විසින් නිකුත් කෙරුණු පෙට්‍රල් ලීටර් 6600 ක් පාරිභෝගිකයන්ට නිකුත් කිරීම සඳහා හැටන් පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.

යතුරුපැදි සඳහා එක් පෝලිමක්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෙට්‍රල් වාහන තවත් පෝලිමකද, විදුලි ජනක යන්ත්‍ර සඳහා තවත් පෝලිමක් වශයෙන් සකස් කර ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.

පෝලිම්වල රැඳී සිටි පිරිසට පොලිස් නිලධාරීන් විසින් පිළිවෙළට ටෝකන් පත් නිකුත් කිරීමේදී පෝලිමෙන් පිටත සිටි පිරිසක් ටෝකන් පත් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

යතුරුපැදි සඳහා රු. 1500, ත්‍රිරෝද රථ සඳහා 2500, අනෙකුත් වාහන සඳහා 7500 සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා 1500 ක් යන සීමාවක් යටතේ ඉන්ධන නිකුත් කෙරිණි.

තේ වතු සමාගම්වලට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරු කියා සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment