ගෑස් උදුන් සහ රෙගියුලේටර් පුපුරා යෑමත් සමග හැටන් ප්රදේශයේ ඇතැම් නිවාසවල මුළුතැන්ගෙට ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමට නිවාස හිමියන් කටයුතු කර ඇත.
නිවසින් බැහැර වන සෑම අවස්ථාවකම ආරක්ෂිත කැමරාවක් ගෑස් උදුන දර්ශනය වන ආකාරයට සවි කර ඇති අතර, තම නිවසේ මුළුතැන්ගෙහි සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවාස හිමියා සිටින ස්ථානයේ සිටම සිය ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කිරීමට නිවාස හිමියන් කටයුතු කර ඇත.
නිවසේ ආරක්ෂාවට යෙදූ ආරක්ෂිත කැමරා පද්ධති ගෑස් උදුන් පුපුරා යෑමත් සමග එක් කැමරාවක් නිවසේ මුළුතැන්ගෙහි සවි කිරීමට හැටන් ප්රදේශයේ ඇතැම් පුද්ගලයන් කටයුතු කර ඇත.
නුවරඑළිය – නාලක රත්නායක