ගුරු නුවණින් විශාල අතුරක් වැළකෙයි
හිඟුරක්ගොඩ නගරාසන්න පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරිවියකගේ පොත් බෑගයේ තිබී උග්‍ර විෂ සහිත කරවලා නැමති සර්පයකු හමුවීමේ පුවතක් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ.
සුපුරුදු පරිදි උදෑසන පාසලට පැමිණි දැරිය පොතක් ගැනීමට බෑගයට අත දැමීමේ දී සීතලට යමක් දැනී විපරම් කර ඇත. ඒ අවස්ථාවේ දී ඒ තුළ සර්පයකු සිටිනවා දැක දැරිය කෑ ගසා ඇති අතර පසුව විදුහලේ ආචාර්ය මණ්ඩලය එක්වී සර්පයා සහිත පොත් බෑගය පන්ති කාමරයෙන් එළියට ගෙන ගොස් සර්පයා කැලයට මුදා හැරීමට කටයුතු කර ඇත.
දැරියගේ නිවසේ දී සර්පයා පොත් බෑගය තුළට රිංගන්නට ඇති බවට විශ්වාස කරන අතර දැරිය සර්ප දෂ්ටනයෙන් බේරී ඇත්තේ අනූනවයෙනි.
මින්නේරිය – සුසිල් කරුණාතිලක