හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල වශයෙන් භාවිතා කළ කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද ඉවත් විය.
මෙම නිල නිවස මින් ඉදිරියට සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව තමන් විසින් පැවැති රජයට ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව අද දිනසිට මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද දින සිට මෙම නිල නිවස එම විද්‍යාලයට පැවරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
|