හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිය අනතුරකින් මිය යයි

626

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පළමු කසාද බිරිය වන ඉවානා ට්‍රම්ප් නිවසේ සිදු වූ අනතුරක් හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට 73 හැවිරිදි වියෙහි පසු වූ වෘත්තියෙන් තමාගේම රූපලාවන්‍ය නිෂ්පාදනයන් ඇඟලුම් හා ස්වර්ණාභරණ නිෂ්පාදනයන් වෙළඳපළට නිකුත් කළ අයෙකු වූ ඉවානා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටි සිය නිවසේ තරප්පු පේලිය අසල අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටියදී සොයා ගෙන තිබේ. ඇය තරප්පු පේළියෙන් ඇද වැටෙන්නට ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පවසා තිබේ.

චෙකොස්ලොවේකියාවේ උපත ලබා ඇති ඉවානා ට්‍රම්ප් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා හා විවාහ වී ඇත්තේ 1977 වසරේදී වන අතර ඔවුන් දෙපළට ඩොනල්ඩ් ජුනියර්, ඉවන්කා හා එරික් ට්‍රම්ප් යන දරුවන් තිදෙනා සිටිති. වසර 15ක විවාහ දිවියකින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉවානා 1992 වසරේදී දික්කසාද වී ඇති නමුදු දික්කසාදයෙන් පසුවද ඔවුන් දෙදෙනා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන ගොස් තිබේ. සිය පළමු බිරියගේ හදිසි අභාවය පිළිබඳව සිය නවතම සමාජ මාධ්‍ය ජාලය වන “රූත් සෝෂල්” හි සටහනක් තබමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉවානා අපූරු, ලස්සන, පුදුමසහගත කාන්තාවක් බවත් ඇය විශිෂ්ට හා ආස්වාදජනක ජීවිතයක් ගත කළ අයෙකු බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment