හිටපු නාගරික මන්ත්‍රීවරියක් රිමාන්ඩ්

4552

රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැස්බෑව නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය එළඹෙන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන හිටපු නාගරික මන්ත්‍රීවරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පැමිණිලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම්ද පවසමින් ඇය මෙම වංචා සිදු කර ඇති බවය.ඇයට එරෙහිව පිලියන්දල පොලිසීයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 කි. ‍මුදල් ලබාගත් බව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත් පිටපත් ඇතුළු ලිපිලේඛණ පැමිණිලිකරුවන්ට ලබාදී තිබේ.


advertistmentadvertistment