හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජිත්ට එක් වෙයි

72

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් ඊයේ සමගි ජන බලවේගය හා එක්විය.

එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ කර්නල්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. දශක තුනක සිවිල් යුද්ධයේ ප්‍රධාන අදියර හතරේම ප්‍රවීණයකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙහිම සේවය කර ඇති අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකි.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 2017 මාර්තු 22 වැනිදා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 4 වැනි දින එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලෙස උසස් කරන ලදී. 2019 අගෝස්තු 21 වැනිදා ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment