සමාජ බල ගැන්වීමේ කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමැති මන්ත්‍රී පියුම් අනූප පස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (10දා) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පනත යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ලබන ජනවාරි 10 වැනිදා දක්වා එකී තහනම් නියෝගය නිකුත් කළේය. හිටපු රාජ්‍ය ඇමැතිවරයා සැකසහිත ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව තම කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශන ආරම්භ කොට දින හතක කාලයකට තාවකාලිකව එකී බැංකු ගිණුම් තහනම් කළ බවත් එකී විමර්ශන වැඩිදුර සිදුකර අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන තෙක් මාස තුනක කාලයකට තහනම් කරනා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එමගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක