ඉන්දීය තානාපති ජිනීවා සමුළුව අමතා පවසයි
ආගමික උන්මාදය පිළිබඳව දෙබිඩි පිළිවෙත අනුගමනය නොකරන ලෙස ජිනීවාහි ඉන්දීය තානාපති ටී. එස්. තිරුමුර්ති ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කළේය.
ලොව පුරා හින්දු ජාතිකයන් බිලියන 12 ක් සිටිනවා. බෞද්ධයන්ද මිලියන 535ක් සිටින අතර මූලධර්මවාදීන් බාමියන් බුද්ධ ප්‍රතිමාව වැනසූ බව ඔහු කීවේය.
ඉන්දියාව ත්‍රස්තවාදයට ගොදුරුවූ රටක් බව පළකළ ඉන්දීය තානාපතිවරයා දේශසීමාව හරහා ත්‍රස්තවාදය ව්‍යාප්ත වී ඇතැයි පැවසීය.
මේ අතර කාබුල් නුවර සික් පූජනීය ස්ථානයකට එල්ලවූ ප්‍රහාරය ගැන ඉන්දීය රජය දැඩි විරෝධය පළකර තිබේ.
|