හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් ප‍්‍රියන්ත කුමාර ඝාතනය වසන් කිරීම

527

ඇමෙරිකානු හියුමස් රයිට්ස් වොච් වාර්තාව පසුගිය සතියේ දී ප‍්‍රකාශයට පත් වූ අතර ඉන් ශ‍්‍රී ලංකාවට චෝදනා එල්ල වූයේ ත‍්‍රස්ත මර්දන නීතිරීති. පාස්කු ප‍්‍රහාරය ගැන 311ක් අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවේ සිටිය දී මියයෑම ගැන කරුණුයි. මේ සිදුවීම්වලට අදාළ තොරතුරු හියුමන් රයිට්ස් වොච් සංවිධානයට යවනු ලැබුවේ ඩොලර් අරමුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන බව තහවුරු වී ඇත.

එසේම ත‍්‍රස්ත මර්දන පනත තවදුරටත් ක‍්‍රියාත්මක වීම ගැන ද මානව හිමිකම් ගැන ක‍්‍රියා කරන බව දක්වන හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි. එහෙත් ඇමෙරිකාවේ සිවිල් වැසියන් තිදෙනෙක් පොලිසිය වෙඩි තබා මරා දමා තිබේ ද? ඇමෙරිකාවේ නීති විරෝධී ඝාතන කොපමණ සංඛ්‍යාවක් සිදු වී තිබේ ද?

මේ ගැන හියුමන් රයිට්ස් වොච් තොරතුරු හෙළි නොකරන්නේ මන්ද? එසේම මරණ දඬුවම නියමවීම ගැන ද එකී රාජ්‍ය නොවන සංවිධාන එරෙහි වී තිබේ.

හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් ප‍්‍රියන්ත කුමාර ඝාතනය වසන් කිරීම

අද බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් රැුසක ත‍්‍රස්ත මර්දන පනත ක‍්‍රියාත්මක වුවත් එම පනත්වලට එරෙහිව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කිසිදු ප‍්‍රකාශයක් කර නොමැත.

ඇමෙරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ හියුමස් රයිට්ස් වොච් සංවිධානය 2022 වාර්තාවේ පාකිස්තානයේ මානව හිමිකම් වාර්තාවට ඉස්ලාමීය අන්තවාදීන් විසින් බිහිසුණු ලෙස ඝාතනය කර පුළුස්සා දමන ලද ශ‍්‍රී ලාංකිකයකු වූ ප‍්‍රියන්ත කුමාරගේ මරණය ඇතුළත් නොකිරීම විස්මය දනවන ක‍්‍රියාවකි.

එහෙත් පාකිස්තානය තුළ ඉස්ලාමීය ආගමික අන්තවාදීන්ට 1855ක් ගොදුරු වූ බව කියා සිටී.

එසේම වන්නි මෙහෙයුමට පෙර සිට ම ක‍්‍රියාත්මක වූ මානව හිමිකම් ආරක්‍ෂකයන්ට හිරිහැර කරන බවට දැක්වෙන තොරතුරු ද හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ. මේ චෝදනාව එදා සිට නොකඩවා එල්ල විය. එහෙත් මේ මානව හිමිකම් ආරක්‍ෂකයන් කවුදැයි අනාවරණය කර නැත.

මෙම හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2011 දී මැද පෙරදිග මානව හිමිකම් කාර්යාංශය වෙත ෂමාන් ජබ්රින් නැමැත්තා පත් කරනු ලැබීය. ඔහු පලස්තීන ජනතා විමුක්ති පෙරමුණ සමග දැඩි සබඳකම් පැවැත් වූවෙකි. එසේම හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අරමුණ වන්නේ ආණ්ඩු පෙරළීම බව තහවුරු වී ඇත. මේ අතර ශ‍්‍රී ලංකාව හමුදාකරණයට ලක් වී ඇති බවට ද හියුමන් රයිට්ස් වොච් චෝදනා කරයි. යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් විසින් ආයතනවලට පත් කර ඇති බවට දක්වන එම ඇමෙරිකානු සංවිධානය රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා රාජපක්‍ෂ රජය යටතේ සිදු වූ අපරාධ ගැන පරීක්‍ෂණ සිදු කිරීම නිසා රටින් පැන යෑමට සිදු වූ බව ද දක්වා ඇත. එසේ නම් යහපාලන රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක සේවය කළ අයෙක් ස්විට්සර්ලන්තයට පැන ගියේ එවන් අපරාධ ගැන පරීක්‍ෂණ කළ නිසා ද?

මේ ගිවිසුම රයිට්ස් වොච් වාර්තාවට පාකිස්තානයේ සිල්කොට් නුවර දී බිහිසුණු ලෙස ඝාතනය වූ ශ‍්‍රී ලාංකිකයකු වූ ප‍්‍රියන්ත කුමාරගේ මරණය ඇතුළත් වී නැත. ඉස්ලාම් ආගමේ නාමයෙන් ප‍්‍රියන්ත කුමාර මරා දැමුවේ ඉස්ලාමීය අන්තවාදීන්ය.

එහෙත් එම බිහිසුණු ඝාතනය ඇතුළත් වී නැත. මෙයට අමතරව රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානී ශානි අබේසේකර සාක්‍ෂි වසන් කිරීම ගැන අත්අඩංගුවට ගත් බව හියුමන් රයිට්ස් වොච් පැවසුවත් ශානි සහ දේශපාලඥනයකු අතර ඇති වූ දුරකථන සංවාද ගැන කිසිදු සඳහනක් කර නොමැත.

ඇමෙරිකානු හියුමන් රයිට්ස් වාර්තාවට තේමා වී ඇති කරුණු මෙසේයි.

  1. හමුදාකරණය සහ ආයතනවල වෙනස් වීම
  2. මානව හිමිකම් රැස්වීමකට ප‍්‍රහාර එල්ල වීම

3 භාෂණයේ නිදහස

4 වගකීම සහ යුක්තිය

5 ආගමික නඩු පැවරීම

6 ලිංගික හිංසන

මේ සියලූ කරුණු පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින් විදේශ ගත කළ තොරතුරු විය.

ඇමෙරිකාවේ සිට ප‍්‍රකාශයට පත් වූවත් හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ කෙටුම්පත් කරන්නේ කොළඹ සිටින රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් බව පැවසේ. ඔවුන්ගේ කෙටුම්පත සංස්කරණය කර ප‍්‍රකාශයට පත් වේ. එසේම රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් අරමුදල් ලැබෙන හැටි සෙවීමට ද රජය කි‍්‍රයා කරන බවට ද චෝදනා එල්ල වී ඇත. ඉන්දියාව ද ඊට සමාන ක‍්‍රියාදාමයක් අනුගමනය කරයි. මේ පසුබිම මැද හියුමන් රයිට්ස් වොච් වාර්තාව මුළුමනින්ම ඒකපාක්‍ෂික වාර්තාවකි.

මේ හැර රජය ත‍්‍රස්ත මර්දන පනත යටතේ ද්‍රවිඩයන් සහ සංවිධාන තහනමට ලක් කර ඇති බවට ද චෝදනා එල්ල වූවත් මේ සංවිධාන සහ ද්‍රවිඩයන් කවුරුන් ද?

ඒ විදේශගත කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන් නියෝජනය කරන කොටි හිතවාදී සංවිධානයි. පසුගිය රජය කොටි හිතවාදී සංවිධාන රැුසක් සහ කොටි ත‍්‍රස්තයන් 120කට පනවා තිබූ තහනම ජනතාවට හොරෙන් අහෝසි කරනු ලැබීය. අද වනතුරු ඒ සඳහා වූ නියෝගය පැන වූයේ කවුදැයි හෙළි වී නැත. කොටි හිතවාදී සංවිධානවලට යළි තහනම් පැනවීම මානව හිමිකම් කඩ කිරීමත් වූයේ කෙසේ ද?

මේ සතියේ දිනෙක ජර්මනියේ බර්ලින් නුවර පැවැති කොටි හිතවාදී සමුළුවක දී ද්‍රවිඩ සන්ධානයේ නායකයන්ට එරටට පැමිණීම තහනම් කෙරුණි. ඔවුන් කළ

වැරැුද්ද 13 වන සංශෝධනය ඉල්ලා සිටීමයි. එලෙස ද්‍රවිඩ සන්ධානයට ජර්මනියට පැමිණීම තහනම් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් නොවෙයි ද?

මේ හැර උතුරේ සෝදිසි කිරීම් සහ සැක කටයුතු පිරිස් ගැන විමර්ශනය කිරීම ද මානව හිමිකම් කඩ කිරීමක් ලෙස පෙන්නුම් කර තිබේ. රටක ආරක්‍ෂාවට බුද්ධි සේවාව සහ සෝදිස කිරීම් අවශ්‍ය වේ. ඇමෙරිකාවේ ද එවන් මෙහෙයුම් ක‍්‍රියාත්මක වේ. ඇමෙරිකානු

එෆ්. බී. අයි. පොලිසිය ඉතා බරපතළ ලෙස සෝදිසි කිරීමේ මෙහෙයුම් දියත් කරයි. එහෙත් හියුමන් රයිට්ස් වොච් එම මෙහෙයුම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි කියන්නේ නැත. මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහි මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය කළ බවට දැක්වෙන බොරු පුවත් විදේශ ගත කරන කල්ලිය ගැන රජය නිසි පියවරක් නොගන්නේ මන්ද?

කොළඹ සිටින එකම කණ්ඩායම ඇමෙරිකාව සමග මේ තොරතුරු එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද යැවේ.

එහෙත් රජය සහ විදේශ කටයුතු බලධාරීන් ඒ ගැන නිසි පියවරක් ගෙන නැත. මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට හියුමන් රයිට්ස් වොච් වාර්තාව ප‍්‍රචාරය කරන්නේ ද කොටි හිතවාදීන්ය.

රජය මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කර ඇතත් එහි දැක්වෙන කරුණුවලට අභියෝග නොකරන්නේ මන්ද?

රජයට අභියෝග කළ හැකි කරුණු මෙසේයි.

  1. හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාගේ අභිරහස් ක‍්‍රියා කලාපය
  2. හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර රාජ්‍ය රහස් හෙළි කරයි
  3. ස්විස් වීසා නිකුත් කරන ගානියා ප‍්‍රැන්සි සබඳකම් පැවැත් වූ පාර්ශ්ව

4 ඇයට දුරකථනයක් සැපයූ මාධ්‍ය පාර්ශ්ව

5 මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියමින් 2021 දී ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබාගත් 321කගේ පසුබිම.

  1. යුද අපරාධ සිදු කළ 200ක් ස්විට්සර්ලන්තයේ සිටියි

එහෙත් රජයේ බලධාරීන් මේ කරුණු ගැන සොයනු ඇතැයි විශ්වාස කළ හැකි ද? එසේම හියුමස් රයිට්ස් වොච් වාර්තාවට ඇතැම් තොරතුරු ලබාගෙන ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සූකා ගෙනි.

මෙලෙස ශ‍්‍රී ලංකාවට මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා නඟන්නේ කවුරුන් ද?

  1. හිටපු බී. බී. සී වාර්තාකාරී ප‍්‍රැන්සන් හැරිසන්
  2. හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ
  3. වත්මන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ
  4. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්

එහෙත් බි‍්‍රතාන්‍යය, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනීග්රෝ සහ කැනඩාව යන රටවල් යුද අපරාධ කර ඇත. මේ රටවල් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මේ දක්වාම පියවරක් ගෙන නැත. මේ පසුබිම මැද රජය අද මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර යාන්ත‍්‍රණ තුනකට මැදි වී ඇත.

එම යාන්ත‍්‍රණ මෙසේය.

  1. යුරෝපා යෝජනාව
  2. ඇමෙරිකානු යෝජනාව සහ
  3. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවයි.

මේ යාන්ත‍්‍රණ තුනට නඩු විභාගයකින් තොරව ශ‍්‍රී ලංකාව යුද අපරාධ කළ බවට වරදකරු කර තිබේ. එසේම වරදකරු කර ඇත්තේ හෙළි නොකරන සාක්ෂිකරුවන් එල්ල කරන චෝදනා මතය.

ඊට හොඳම නිදසුන හිටපු බී.බී.සී වාර්තාකාරී ප‍්‍රැන්සන් හැරිසන් ද්‍රවිඩයන් 146,000ක් මරා දමා ඇති බව ප‍්‍රකාශ කිරීමයි.

මෙලෙස මරා දමා ඇති ද්‍රවිඩයන් කවුදැයි ඇය හෙළි කරන්නේ නැත. කොටි නායකයන් සමග හිතවත්කම් දැක් වූ ප‍්‍රැන්සන් හැරිසන් එල්ල කරන චෝදනාව සත්‍යය ද සහ අසත්‍යය ද යන්න සොයාබලා නැත. මේ තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සූකා ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් 56කට එරෙහිව චෝදනා පත‍්‍ර කෙටුම්පත් කර ඇති බව ද හෙළි වී ඇත. මේ චෝදනා කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. මේ අතර සුකා හමුදාපතිට එරෙහිව පිටු 127ක වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ද පිටු 100ක වාර්තාවක් ද කෙටුම්පත් කර තිබේ. මේ හැර ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහිව පිටු 99ක වාර්තාවක් ද සකස් කර තිබේ. මේ යුද අපරාධ චෝදනා ඇතුළත් වාර්තා සකස් කරන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි පැමිණිලිකාරිය වූ යස්මින් සුකායි.

මෙවන් තත්ත්වයක් මත ශී‍්‍ර ලංකාවේ තත්ත්වය අවිනිශ්චිතය. බොරු චෝදනා එල්ල කරන විදේශ රාජ්‍ය නොවන සංවිධාන මගින් එල්ල කරන චෝදනාවලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගොදුරු වී සිටියි. ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ ධුරය දරන සුකා සහය වේ.

ශ‍්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද කටයුතු කරන්නේ හමුදාව සහ රජය ප‍්‍රාණ ඇපයට ගෙනය. ඒ බව සනාථ වන්නේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි මානව හිමිකම් කවුන්සිලය කියා සිටියි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් අතර යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රටවල් රැුසකි.

මේ රටවල් ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නැත. මේ තත්ත්වය මත අද මානව හිමිකම් ක්‍ෂේත‍්‍රය තුළින් මානව හිමිකම් ගැන හඬ නැඟීමක් සිදු නොවන අතර එය ලාබදායි කර්මාන්තයක අයර්ලන්තයේ දේශපාලකයකුට ජේම්ස් ටි‍්‍රම්පල් ද වරක් පවසා තිබුණි. ගත වූ කාලය තුළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ද සිදු වූයේ එයයි. ස්විස් දේශපාලකයන් අතර ද කණ්ඩායමක් සිටින අතර ඔවුන් අතිවිශාල ගෙවීම් මැද රට රටවලට එරෙහි යෝජනාවලට දැඩි බලපෑම් එල්ල කරති. මෑතක දී ස්විස් මාධ්‍යයක ද මේ බව අනාවරණය කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment