හිරු සුපර් ඩාන්සර් Seson 3 අවසන් මහා තරගය 25 (හෙට) හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේදී පැවැත්වෙන අතර එය රාත‍්‍රී 7.30 සිට හිරු ටීවී ඔස්සේ සජීවීව විකාශය කෙරේ. ඔන්ලයින් ක‍්‍රමයට අයැදුම් කළ තරගකරුවන් දස දහසක් පමණ අතරින් තෝරා ගත් තරගකරුවන් 48 දෙනෙක් මෙවර හිරු සුපර් ඩාන්සර් සඳහා තරග වැදිණි. ඉන් තරගකරුවන් 05 දෙනෙක් අවසන් මහා තරගයේදී හෙට දිනයේදී හිරු සුපර් ඩාන්සර් කිරුළ වෙනුවෙන් තරග වදිනු ඇත. විරාජ් වැලිවත්තගේ නිර්මාණ අධ්‍යක්ෂණයක් සහ චතුර ජයසුන්දර සහ අමල් දර්ශනගේ වැඩසටහන් නිෂ්පාදනයක් වන හිරු සුපර් ඩාන්ස් අවසන් මහා තරගයට ඉදිරිපත් වන තරගකරුවන්ගේ කෙටි විස්තරයකි මේ.

ඔකඳි සමරතුංග – කළුතර දිස්ත‍්‍රික්කයේ වස්කඩුව

සිවුහෙළයේ නර්තන උරුමය ද දෙස් විදෙස් වෛවර්ණ නර්තන සම්ප‍්‍රදා මැනවින් හදාරා ජාතියේ මහා ප‍්‍රසාංගික වේදිකාවේ ආකර්ෂණීය ලෙස ශිල්ප දැක්වූ දඟකාර නර්තන කුමරියයි ඔකඳි සමරතුංග. පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන ඇය උඩරට, පහතරට, සබරගමු, ඉන්දියානු නර්තනය මෙන්ම හිරු Super dancer වේදිකාවේ පේ‍්‍රක්ෂක සිත් වසඟයට ගත් අති දක්ෂ නර්තන ශිල්පිනියකි.
කි‍්‍රස්ටිනා ඇලෙක්ස්සැන්ඩ්‍රෝනා
කළුතර දිස්ති‍්‍රක්කයේ දොඩම්ගොඩ

නව්‍යකරණය වන නර්තන ශෛලීන්ගෙන් පෝෂණය ලබමින් හිපොප් නර්තනය තම ප‍්‍රධාන ප‍්‍රකාශන මාධ්‍ය කර ගනිමින් උඩරට, පහතරට, සබරමු මෙන්ම ඉන්දියානු නර්තනය ඇතුළු නර්තනයන්ගෙන් සන්නද්ධ කි‍්‍රස්ටිනා ඇලෙක්ස් සැන්ඩ්‍රෝනා හිරු Super dancer –
Season 3 ප‍්‍රාසාංගික වේදිකාවේ තවත් සුවිශේෂී නර්තන ශිල්පිනියකි. බොස්වෙල් ජාත්‍යන්තර පාසලෙන් සිප්සතර හදාරන කි‍්‍රස්ටිනා, පාසල් සහ අන්තර් පාඨශාලීය තරගවල මෙන්ම නර්තන තරගවල සුවිශේෂී දස්කම් දැක්වූ නර්තන ශිල්පිනියක් සහ කී‍්‍රඩිකාවකි.
ඬේලියා සේනානායක – කොළඹ දිස්ත‍්‍රික්කයේ නුගේගොඩ
විශ්වීය නර්තන විචිත‍්‍රත්වය රැුගෙන ලතින් ඇමරිකානු නර්තනයක, ඉන්දියානු සාම්ප‍්‍රදායික භරත නාට්‍යම් නර්තනවේදයත්, ඉන්දියානු නර්තන සම්ප‍්‍රදායයන් සහ ස්වදේශී උඩරට නර්තන කෞශල්‍යයෙන් පිරිපුන් පුංචි නැට්ටුක්කාරියයි ඬේලියා සේනානායක. නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඬේලියා, තම අනාගත සිහිනය නර්තනයම කරගත් කුමරියකි. එමෙන්ම ඈ Super dancer – Season 3 වේදිකාවේ සම්මානයට සහ සම්භාවනාවට මෙන්ම අවධානයට පාත‍්‍ර වූ නර්තන ශිල්පිනියකි.
මිලාන් මාලක

උඩරට, පහතරට, සබරගමු අභිමානවත් ශී‍්‍ර ලාංකේය නර්තන සම්ප‍්‍රදායයෙන් සන්නද්ධව, ඉන්දියානු භරත, කතක් නර්තනයට ද ඉන්දියානු බොලිවුඞ්, කන්ටෙපරි නර්තන ශෛලීන්ට ද එකසේ දස්කම් දක්වන මිලාන් මාලක හිරු Super dancer – Season 3 වේදිකාවේ අති දක්ෂයෙකි. වයස අවු 15 ක් වූ මිලාන්, නුගේගොඩ ලූවර් ජාත්‍යන්තර පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන අතර මේ දඟකාර පුංචි නැට්ටුවා ද සාම්ප‍්‍රදායික නර්තනය හිරු Super dancer – Season 3 වේදිකාවේ සම්භාවනාවට පාත‍්‍ර වෙමින් නර්තනයෙන් පෙරළි කළ අති දක්ෂයෙකි.
දනුජ ඉන්දීවර – කෑගල්ල දිස්ති‍්‍රක්කයේ රඹුක්කන

දෙස් විදෙස් වෛවර්ණ නර්තන සම්ප‍්‍රදායයන් මතින් අනාගත නර්තන සිහිනය දකින්නට සැරසෙන දඟකාර පුංචි නැට්ටුක්කාරයා දනුෂ ඉන්දීවර. වයස අවු. 12 ක් වූ දනුජ කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයේ් අධ්‍යාපනය හදාරන අතර පාසලේ ජවන හා පිටිය තරගවල කැපී පෙනෙන පුංචි කී‍්‍රඩකයෙක් මෙන්ම කරාටේ බ්ලැක් බෙල්ට් ශූරයෙක් සහ අංගම්පොර ශිල්පියෙක්ද වේ. උඩරට, පහතරට සිවුහෙළයේ සාම්ප‍්‍රදායික නර්තනය මෙන්ම බෙලිහොප්, හිපොප් නර්තනයෙන් සන්නද්ධව දඟකාර පුංචි නැට්ටුවන්ගේ පංච මහා බළකාය හිරු Super dancer – Season 3 අවසන් මහා තරගයේ ශිල්ප දක්වනු ඇත