හිරේ ඉන්න රන්ජන්ටත් කොරෝනා දින කිහිපයකට කලින් මළ ගෙදරක ගියා

413

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඞ් ආසාදනය වී ඇත.

 ඒ අනුව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙන බව එම බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට කීය.

 රාමනායක මහතා දැනට දින කිහිපයකට පෙර සිය ඥාතියකුගේ නිවසක පැවැති අවමංගල්‍ය උත්සවයකට බලධාරීන්ගේ අවසරය මත හිර ගෙදර සිට පැමිණ සහභාගි වී සිටියේය.

 එහිදී ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද හමුවී සිටියේය.


 අකිත පෙරේරා


advertistmentadvertistment