හිර ගෙදර නමැති ආර්ථික අපාය

961

මේ රටේ මිනිස්සු කොරෝනා හැදෙන්නට පෙරත් හිටියේ මේ විදිහටම උකටලීව සහ කුසීතවය. කොරෝනා හැදුනු පසුත් අනේ අපට කොරෝනා හැදුනා නේදැයි කියමින් ඔවුහු ඒ කුසීත බව එසේම නඩත්තු කළහ. ඔවුන්ගේ හෙට බලාපොරොත්තුවත් ඒ කුසීත ජීවිතය ඒ විදිහටම නිදිමරගාතේ ගෙනයෑම බව පෙනේ. මෙතැන ඉදිරි ගමනක් නැත. ඇත්තේ පස්සට ඇදීමක් පමණි. ඒ නිසා කොරෝනාව තුළ ගුලිවී ආර්ථික අර්බුදයේ ගිලී ජාතියක් වශයෙන් විනාශ වී යෑමට පෙර මේ රටේ ජනයා පාලකයන්ගේ ආධාරය ඇතිව හෝ නැතිව ජීවිත නගා සිටුවා ගැනීම සඳහා කුමක් හෝ කළ යුතුය. මේ ගැන කිව යුතු බොහෝ දේ ඇතත් එය පසුවට තබා අපගේ මුඛ්‍ය කාරණයට අවතීර්ණ වෙමු. මාතර කන්දේවත්තේ පදිංචිකරුවකු වූ 49 හැවිරිදි ලලිත් චමින්ද හෙට්ටිගේ මිය ගොසිනි. තිදරු පියකු වූ හෙතෙම මිය යන විට හිටියේ මාතර කදුරුගස්ආරේ විවෘත සිර කඳවුරේ රැුඳවියකු ලෙසය. ලලිත් චමින්ද හිරේ යන්නේ රුපියල් 10000 ක් හොරකම් කිරීම නිමිත්තෙනි. ඒ සඳහා හතර අවුරුද්දක බරපතළ වැඩ ඇතුව හිර දඬුවමක් ඔහුට ලැබෙයි. මාතර හිරගෙදර දී ඔහුගේ කල්ක‍්‍රියාව යහපත් වන්නට ඇති. සාමාන්‍යයෙන් අධි ආරක්ෂිත හිර ගෙදරක සිටින රැුඳවියකු විවෘත හිර කඳවුරකට මාරු කරන්නේ ඔහුගේ කල්ක‍්‍රියාව යහපත් නම් පමණි. කෙසේ වුවද හිරෙන් නිදහස් වී පණ පිටින් ගෙදර එන්නට ලලිත් චමින්දට ඉඩ ලැබුනේ නැත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගෙදර එවනු ලබන්නේ ඔහුගේ මළ මිනියයි. එම මළ මිනිය පහරදීම් සහ වධදීම් නිසා හටගත් තුවාල කැළැල්වලින් ගහනව තිබූ බව ලලිත් චමින්දගේ දියණිය කියන්නීය. දැනට තිබෙන ආරංචිවල හැටියට ලලිත් චමින්දව ඝාතනය කළේ කදුරුගස්ආරේ විවෘත හිර කඳවුරේ නිලධාරීන් විසිනි. එම නිලධාරීන් කරන නීච ජාවාරම් ලලිත් චමින්ද විසින් හෙළිකළ බව කියනු ලැබේ. මෙම මිනී මැරුම සම්බන්ධයෙන් මේ වනවිට එම හිර කඳවුරේ සේවය කළ නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇත. මෙවැනි අවස්ථාවල සැකකරුවන්ගේ වැඩ තහනම් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. හිර ගෙදර කාකි ඇඳුම්වලින් පිටවන රස්නය අඩුවීමට සෑහෙන කාලයක් ගතවේ. මරාදමන ලද මනුස්සයාගේ පැත්ත ගන්නේ ඒ අයගේ ගෙදර උදවිය පමණි. එහෙත් කදුරුගස්ආරේ විවෘත හිර කඳවුරේ මිනීමරු ජේලර්ලා වෙනුවෙන් එම හිරගෙදර සිටින සෙසු දූෂිත සියලූම ජේලර්ලා පෙනී සිටිනවා ඇත. ඔවුන් විසින් සාක්ෂිකරුවන් බිය ගන්වනු ලැබීමට ඉඩ තිබේ. එවිට නඩුවක් ගොඩනැගීමටත් යුක්තිය හරියාකාරව එලියට ගැනීමටත් නොහැක. මේ නිසා සැකකරුවන් තිදෙනා රිමාන්ඞ් කළ යුතුමය. ඒ සම්බන්ධයෙන් සාධාරණ තර්කයක් තිබේ. හිරගෙදර නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කරන්නේ හිරකාරයාගේ මරණය සම්බන්ධයෙනි. එම මරණය සැක කටයුතු නම් සහ අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් යටතේ පවතී නම් පෙර කී සැකකරුවෝ ඉහත කී මරණයේ පාර්ශ්වකරුවෝය. එබැවින් නීතිය මගින් ඔවුන්ගේ තත්ත්වය නිරාකරණය කරන තුරු ඔවුන් රිමාන්ඞ් කළ යුතුමය. බොහෝ අවස්ථාවලදී පොලිසි වලට ගෙනයන සැකකරුවෝ රාළහාමිවරුන්ගෙන් ගුටි කා පොලිස් කූඩුවේම මැරෙති. එවිට පොලිස් දෙපාර්තමේන්තුව කරන්නේ සිද්ධියට අදාළ රාළහාමිවරුන් වෙනත් පොලිසිවලට මාරුකර මිනී මැරුමට අදාළ පරීක්ෂණ පටන් ගැනීමය. මෙහිදී සිදුව ඇත්තේ අපරාධකරුවන් ස්වකීය කාකි සූට් එක පිටින්ම නිදැල්ලේ හැසිරීමය. මේ තත්ත්වය මගින් තිබෙන සාක්ෂි විනාශ කළ හැකිය. බොරු සාක්ෂි හැදිය හැකිය. පොල් ගෙඩි දෙකක් හොරකම් කළ මිනිහාට ඇප දෙන්නට කෙනෙක් නැත්නම් ඔහු රිමාන්ඞ් කරනු ලැබේ. එහෙත් සිරකරු ලලිත් චමින්දගේ මරණයට සැක කෙරෙන තිදෙනෙක් වැඩ තහනම් කොට ගෙදර යවනු ලැබේ. එක්කෝ මෙය නීතියේ ඇති හිලකි. නොඑසේ නම් හිලක් තුළ ඇති නීතියකි. නීතිය තුළ හිලක් ඇතොත් එතැනින් රිංගීමට අපාරාධකරුට පුළුවන. හිලක් තුළ නීතිය ඇතොත් එම නීතිය පැත්තකට කර හිල තුළින් පැන යෑමට අපරාධකරුට පුළුවන.

 ශ‍්‍රී ලංකාවේ හැම හිර ගෙදරක්ම සුවිශේෂ ආර්ථික අපායක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙය නිෂ්පාදන ආර්ථිකයක් නොව වෙළඳ ආර්ථිකයකි. හිරගෙදර අලෙවි කරන ප‍්‍රමුඛ වෙළෙඳ භාණ්ඩය මත් ද්‍රව්‍යය. කුඩු, ගංජා, මල්, මත් පුවක්, අරක්කු, කසිප්පු, ජින්, විස්කි, බ‍්‍රැන්ඩි, පිරිමින්ට අවශ්‍ය උපත් පාලන උපකරණ, පිරිමින්ට අවශ්‍ය කෘත‍්‍රිම ලිංගික උපකරණ, බුලත් විට, බීඩි, සිගරට්, සුරුට්ටු යනාදිය මේ ආර්ථිකයේ ප‍්‍රමුඛ වෙළෙඳ ද්‍රව්‍ය වෙති. මේ ආර්ථිකය ගැන ඉතා කුඩාවට හඳුන්වාදීම සඳහා සරල උදාහරණයක් කියමු. එළියේ කඩයක බීඩියක් රුපියල් 10 කි. හිර ගෙදර බීඩියක් රුපියල් 200 කි. ගල් අරක්කු බෝතලයක් රුපියල් 15000 කි. මේ අනුව වැලිකඩ හිරගෙදර පමණක් අවුරුද්දකට රුපියල් බිලියන 4, 5 ක ආර්ථිකයක් කරකැවෙයි. මේ ආර්ථිකයේ සැපයුම්කරුවන් වන්නේ බන්ධනාගාර නිලධාරීන් ය. ගැනුම්කරුවෝ සිරකරුවෝය. මෙම බඩු මිලට ගැනීම සඳහා සිරකරුවන් සල්ලි ගෙන්වා ගන්නේ ගෙවල් වලිනි. මෙසේ ගෙන්වා ගන්නා සල්ලිවලින් සෑහෙන කොමිස් එකක් අයකරගෙන ඉතිරිය රැුඳවියා අතට දීම ජේලර්ගේ සිරිතය. මේ ආකාරයෙන් සිරකරුවන්ට සල්ලි ගෙන ඒම සඳහා ඔවුන්ගේ ගෙවල්වලට රිංගන කුණු ජේලර්ලා සිරකරුවන්ගේ බිරින්දෑවරුට සෙට් වෙති.

 කදුරුගස්ආර හිර කඳවුරේදී පහර දී මරා දමන ලද ලලිත් චමින්දගේ විවාහක තරුණ දියණියට ?ට ?ට දුරකථනයෙන් කතා කිරීමට ප‍්‍රිය කළ ජේලර් කෙනෙක් ගැන දැනගන්නට තිබේ. කදුරුගස්ආර ඝාතනයේ පරීක්ෂණ හරිහැටි මෙහෙයවා ගැනීමට කොන්දක් ආණ්ඩුවට තිබේ නම් හිරගෙදර නමැති අපායේ යම පල්ලන් යම් ප‍්‍රමාණයකට පාලනය කර රැුඳවියන්ට සාධාරණයක් කිරීමට හැකියාවක් ලැබෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment