හිර ගේ ඇතුළෙත් රන්ජන් ජනප්‍රියයි

699

බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක

බන්ධනාගාර මෑත ඉතිහාසයේ විජය කුමාරතුංගට අමතරව ජනප්‍රිය සිරකරුවකු බවට රන්ජන් රාමනායක පත්ව සිටින බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය.

මේ අතර රන්ජන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා බන්ධනාගාරයේ නිලධාරීන්ට නිල වශයෙන් දුරකථන ඇමතුම් වැඩිපුර දෙන්නේ කලා ශිල්පීන් මෙන්ම සිනමා රසිකයන් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ කනිෂ්ඨ නිලධාරීන් අතර ද රන්ජන් ජනප්‍රියවී සිටියි.

මීට වසර ගණනාවකට දේශපාලන පසුබිමක් මත විජය කුමාරතුංග පවා සිරගතවී සිටියේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment