හිස්බුල්ලා රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 7ක් මරුට

412

උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ දෙකකට ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය විසින් පෙරේදා (31දා) එල්ල කර ඇති මාරාන්තික රොකට් ප්‍රහාරයන් හේතුවෙන් ඊශ්‍රායල ගොවියකු ඇතුළු 07 දෙනකු මියගොස් ඇති අතර තවත් අයකු බරපතළ තුවාල ලබා තිබේ.

උතුරුදිග ඊශ්‍රායලයේ මෙටුලා හා හයිඵා යන නගරවලට එල්ල වී ඇති එම රොකට් ප්‍රහාරයන් හේතුවෙන් මියගොස් ඇති පිරිසෙන් සිවුදෙනකු කෘෂි වගා බිම්වල සේවය කළ තායිලන්ත ජාතික සේවාකයන් බව අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරය මාස ගණනකින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය සේ සැළකේ.

මේ අතර දකුණුදිග ලෙබනනයට ඊශ්‍රායල හමුදාවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනනයේ සෞඛ්‍ය සේවකයන් හයදෙනකු මියගොස් තිබේ. මේ වන විට ලෙබනනයේ හිස්බුල්ලා හා ගාසා තීරයේ හමාස් යන සංවිධානයන්ට එරෙහිව ඊශ්‍රායල හමුදා විසින් දියත් කර ඇති සටන් නවත්වා සටන් විරාමයන් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකානු නිලධාරීන් පිරිසක් කඩිනමින් ඊශ්‍රායල බලධාරීන් මුණගැසීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment