ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුලූයකල්ල, උඩකල්ලාගම, උල්පත්පාර යන ගම්මානවල මේ දිනවල හැකරලූන් විශේෂයක් නිසා එම ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව ඇත. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද මෙම හැකරලූන් ව්‍යාප්තව සිටිනු දක්නට ලැබේ. ජනතාව පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටද මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසීම හා ආහාර ගැනීම පවා අප්‍රසන්න වී ඇති බවත්ය.
ප්‍රදේශයේම ජනතාවට මහත් සම්පතක් වන පානීය ජලය ලබා ගන්නා යකල්ල උල්පත තුළද මෙම සතුන් බහුලව දක්නට ලැබේ. එම උල්පත භාවිත කර ජලස්නානය කරන හා ජලය පානය කරන 500ක් පමණ ගම්වාසීන් ස්වාභාවික ජල උල්පතක් වන යකල්ල උල්පත අතහැර දමා තිබෙන සැටියකි. මේ වන විට මෙම සතුන් නිවෙස් තුළට පැමිණීම අවම කර ගැනීම වෙනුවෙන් භූමිතෙල් හා වෙනත්
කෘමි නාශක කොතෙක් යෙදුවද ඉන් කිසි ප්‍රතිඵලයක් නැති බව පවසන ජනතාව මෙයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටිති.
නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා