කොවිඞ් වෛරසය ආසාදිත වී අවුරුදු 12 ක දැරියක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය ගල්පොත්ත පාර පදිංචිව සිටි නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන අභිමානි නවෝද්‍යා සේරසුන්දර දැරියයි.
හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළී ඇති දැරිය ඉකුත් 14 වෙනි දින රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා දින 8 කට පසු එනම් 22 දින මියගොස් තිබිණි. දැරියගේ අවසන් කටයුතු පෙරේදා 22 දා බොරැල්ල කනත්තේදී සිදුකර තිබිණි.
කැස්බෑව – ජයසිංහ