හෙටින් පසු වැසි නෑ

337

දින කීපයක් තිස්සේ පැවැති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (02 වැනිදා) දිනයෙන් පසු මුළුමනින්ම පහවී යනු ඇතැයි විශ්වාස කරන බව කාලගුණ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

කෙසේ වෙතත් 2 වැනිදායින් පසුවද බස්නාහිර සබරගමුව, දකුණු පළාත්වලට සවස් භාගයේදී වැසි අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටියේය.

එසේම මේ වනවිට ඊසාන දිග මෝසම සක්‍රීය වී ඇති බවත්, නැඟෙනහිර පළාතට විටින් විට වැසි ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment