හෙට , අනිද්දා පාර්ලිමේන්තුවේ වෙන දේ හරියටම දැනගමු

330

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අද්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවාග මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්ග ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩීගබී විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වුනේ ඒකමතිකව එනම් ඡන්ද විමසීමක් නොමැතිවයිග නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනවාග ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇත.

ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ :විශේෂ විධිවිධාන* පනතෙයිග මේ අනුව මෙහි දක්වා ඇති සියලු කටයුතු පියවරෙන් පියවර එම පනතේ දක්වා තියෙනවා.

19 වැනිදා සිදුවන්නේ මොනවාද?

ජනාධිපතිධුරය පුරප්පාඩු වී ඇති බව නිවේදනය කිරීමේ සිට පැය 48කට (දින දෙකකට) කලින් නොවන එමෙන්ම දින හතකට පසු නොවන දිනයක මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවෙන් නාම යෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතුයි.

මේ නිසා 19 වැනි අඟහරුවාදා උදෑසන 10ග00 ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා භාරගැනීම කළ යුතු බව මහලේකම්වරයා සභාවට පසුගිය 16 වැනි සෙනසුරාදා දන්වා සිටියා.

මේ අනුව 19 වැනිදා වෙන් වන්නේ ජනාධිපතිධුරය සදහා නාම යෝජනා භාරගැනීම සදහා පමණයි.

නාම යෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයායි.
ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් ධුරය දැරීමට කැමති බවට ලිඛිත එකගත්වය කලින් අවශ්‍යයි.

පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා තේරී පත්වුනොත්ල ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට එම මන්ත්‍රීවරයා කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබාගත යුතුයිග එම නිසා එහි පිටපතක් නාම යෝජනා භාරගනු ලබන 19 වැනිදා මහලේකම්වරයාට භාර දිය යුතුයි.

එමෙන්ම පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳව සැලකිලිමත් වීමත් අත්‍යවශ්‍යයි.

ඒ අනුව එදින මන්ත්‍රීවරයෙක් මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙක්ව ජනාධිපතිධුරයට යෝජනා කළ යුතුයිග එසේ යෝජනා කරන මොහොතේ තමා යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයිග ඊට පස්සේ ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කළ යුතුයිග මේ ගැන වාද විවාද කිරීමට කිසිම අවසරයක් නැහැ.

එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා උනොත්?

යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කරල ස්ථීර කළහොත්ල එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවාග ඒ අනුව ඉක්මනින් මෙම කටයුත්ත අවසන් වෙනවා :1993 දී ඩීගබී විජේතුංග ජනාධිපතිවරයා පත්වුනේ මේ ආකාරයටයි.

20 වැනිදා මොනවද සිදුවන්නේ?

එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙ‍නෙකුගේ නම් යෝජනා කොට ස්ථීර කළහොත් නාම යෝජනා භාර ගැනීමේ වේලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.

ඒ අනුව 19 වැනිදා නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසීම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.

මෙහිදීත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවෙනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොහොමද?

ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකරනවා.

මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීමත් විශේෂත්වයක්.

මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයාල කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලබනවා. එවිට එම මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි. එවිට එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කරනවා.

ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභාගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුයි.

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කොහොමද?

එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි ර්‍ණ1” යන ඉලක්කම යොදා ඡන්දය සළකුණු කළ යුතුයි. අපේක්ෂකයින් කිහිපදෙනෙක් සිටින විට මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතීග ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2ල3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව ලකුණු කිරීමට පුලුවන්.

මෙහිදී මන්ත්‍රීවරයෙකු අතින් අතපසුවීමකින් සිදුව ඡන්ද පත්‍රිකාවක් ලකුණු කිරීමකදී වැරදීමක් සිදුවුවහොත් : පනතේ මෙය සදහන් වන්නේල මන්ත්‍රීවරයෙතු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. එසේම ද එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුයි.

නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටී නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස සලකනවා.

ඡන්දය ගණන් කොට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද?

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප සංඛ්‍යාව ගණන් කිරීම සිදුවෙනවා. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකියාව පවතිනවා.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නොපමාව ප්‍රකාශයට පත් කරනවා.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම් මෙම කටයුතු ටිකක් දීර්ඝ වෙනවා. එවිට අඩුම ඡන්ද සංඛාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරනවාග එසේ තරගයෙන් ඉවත් කළ අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයාගේ තම දෙවන මනාපය ඇති නම් ඒවා අදාළ අපේක්ෂකයාට එකතු කිරීම සිදුවෙනවා.

එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ‍දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවනල තෙවනගගග යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කිරීම සිදුවෙනවා.

එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනවා.

එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු වේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment