හෙට ජන්ම දිනය සමරන සිංහල සිනමාවේ උතුමාණෝ

128

ශී‍්‍ර ලාංකේය සිනමාවේ අග‍්‍රගණ්‍ය රංග පෞරුෂයක ජන්ම දින ස්මරණය ලබන සඳුදා (21 දා) ට යෙදී තිබේ. අපේ සිනමාවේ එදා මෙදා සිටි එකම සිනමා සක්විති වූයේ ඔහුයි. ඔහු තැබූ ඒ ඓතිහාසික සඳහන බිඳින්නට තවමත් කිසිවකුට හැකි වී නැත්තේය.

1936 මාර්තු 21 වැනිදා දෙහිවලදී උපන් ගාමිණී ෆොන්සේකා රංගධරයාණන් අපේ සිනමාව එදා තිබූ ඒකකාර රංගන රටාවෙන් මුදාගෙන තාත්ත්වික රංගන රීතියක් හඳුන්වාදුන් එවැනි තාත්්වික රංගන සම්ප‍්‍රදායක් අපට දායාද කළා වූ පළමු නියමුවා වන්නේය. ඔහු තැබූ මතකයන් අප සිනමාවට හෙළ නළු නිළියන්ට ලබාදුන් වෘත්තීය අභිමානය” ගරුත්වය ඔහු පිළිබඳ නාමය” ඔහු හා බැඳුණු ‘නොමියෙන මිනිසා. උත්තම ගෞරවාර්ථය හා සැබැවින්ම සැසඳෙන්නේය.

එතුමන් සිනමාවේ අත්පොත තැබුවේ තම නිවෙස අසල පදිංචිව සිටි පේ‍්‍රමනාත් මොරායස් හරහා අපේ අග‍්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට හඳුන්වා දීමෙනි. එතුමන්ගේ රේඛාව චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු හා සහායක ලෙස කටයුතු කළ මේ රංගධරයාට” රේඛාවේ පුංචිම පුංචි ජවනිකාවකට ද රඟන්න වාසනාව ලැබුණේය. සිනමාවේ බොහෝ පැති පිළිබඳව ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සබැඳිව වැඩ කරද්දී මහා දැනුමක් ලද බව මෙම අසහාය රංගධරයා කෘතවේදීව සිහිපත් කළ වාර අනන්තය. රේඛාවෙන් ඉක්බිතිව ලෝක පූජිත සිනමාකරු ‘බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි. චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු විය. එදා ඔහු සමඟ අද සිටින සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම් ද එකට වැඩ කළේය. ‘ගාමිණී. ඔබ වැඩ කරන හැටි අපූරුයි. ඔබට සිනමාවේ දිගු ගමනක් තිබෙනවා. ඬේවිඞ් ලීන් පළ කළ අනාවැකිය ‘ගාමිණී. තම රංග ප‍්‍රතිභාවෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද පසු කාලයේදී ප‍්‍රකට කළේ ඔහු පිළිබඳ මතකයන් සිදු කළ අප හදවත්වල

නිදන් වන පරිදිය. දෛවයෝගය” සංදේශය” ගම්පෙරළිය” නිධානය ආදී චිත‍්‍රපට ගණනාවක මෙන්ම ‘පරසතු මල්. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයේ අති විශිෂ්ට වූ කුසලතාව ප‍්‍රකට කළේය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තය” චිත‍්‍රපටයේ සයිමන් කබලාන නමැති ධන කුවේරයා ලෙස මෙන්ම නිධානය චිත‍්‍රපටයේ මාලනී ෆොන්සේකා රංගවේදිනිය සමග ප‍්‍රතිමූර්තිවත් කළ ‘විලී අබේනායක. චරිතය ද ‘ගාමිණී. පිළිබඳ රූපකාය අප හමුවේ අදත් ජීවමාන වන්නේය. කලාත්මක සිනමාව මෙන්ම මෙරට පළමු වර්ණ චිත‍්‍රපටය වූ ‘රන්මුතු දූව. තුළින් ආරම්භ වී පසු කලෙක ගැටවරයෝ” චණ්ඩියා” සූර චෞරයා” ආත්ම පූජා” ආවා සොයා ආදරේ” එදත් සූරයා අදත් සූරයා” සත පනහ” යකඩයා” කස්තුරි සුවඳ” නිල්ල සොයා ආදී සිනමාපට මෙන්ම උතුමාණෙනි” හුලවාලි” සාගරයක් මැද” කොටි වලිගය” නොමියෙන මිනිසුන් දක්වා වාණිජ මෙන්ම මැද මාවතේ හා කලාත්මක ධාරාව ද ඔහු දිග්විජය කළේ ඔහු කළ හැම නිර්මාණයකම රංගන දායකත්වයකටම සම්මාන යසස ද ඔහුට උරුම කර දෙමිනි.

හෙට ජන්ම දිනය සමරන සිංහල සිනමාවේ උතුමාණෝ



අද මෙන් පහසුකම් නොමැති යුගයක ඔහු වැන්නවුන් හෙළි කළ මාවත මෙරට සිනමාව තුළ නළු නිළියන්ට වෘත්තීය පදනමක්ස්ථාපිත කරලීමට හේතු වූයේය. ඔහු මැතිසබය” දේශපාලන වේදිකාව” රඟමඬල මේ ආදී හැම එකකදීම ව්‍යක්ත ලෙස පළ කළ අදහස් තුළ ඔහු තුළ මහා දැනුම් සම්භාරයක් විදහා දැක්වීය. ඔහු ලෝක සිනමාව මෙන්ම අපේ මේ ඉතිහාසය ද ලෝක ඉතිහාසය ද දේශපාලනය ද හැදෑරීය. ඔහු පොතපත කියවූ අංග සම්පූර්ණ මිනිසෙකි යැයි වරෙක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේදී එතුමන්ට ඉගැන්වූ අරිසෙන් අහුබුදු සූරීන් පළ කළ අන්දම අපට මතකය. වරෙක දේශපාලනයට” එවක ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් පිවිසෙන්නට ඔහුට සිදුවිය. මාතරින් මැතිසබයට පත්වූ සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ද විය. දෝෂාභියෝගය වැනි බරපතළ දේශපාලන අර්බුද පැනනැ`ගුන වකවානුවක ඔහු තම පදවියේ ගෞරවාන්විතභාවය රැුකගන්නට සමත් වූයේය.

‘දෙසතිය. සඟරාවේ වරෙක කවරයේ කතාව ඇරඹුණේ ‘සිංහල සිනමාවේ උතුමාණෝ. යන හැඳින්වීමෙනි. එදා එම ලිපිය ලියන්නට එතුමන් හා සංවාදයට එක්වූ සමන් ආතාවුදහෙට්ටි කලාකරුවාණන් වරෙක ‘දිවයින.ට මෙලෙස කියා තිබිණි. ‘‘ඔහු සිංහල සිනමාවේ උතුමාණෝ ලෙස අප හඳුන්වද්දී ඒ අන්වර්ථ නාමයට ඔහු සතුව තිබූ සුදුසුකම් ගොන්නට තවත් සුදුසුකම් එක් වුණා මිස අඩු වුණේ නැත. සිංහල සිනමාවේ උතුමාණන් තමා බව දවසින් දවස තහවුරු කළේය. එදා එම යෙදුමට එරෙහිව අවිගත් අයම පසු කල මේ යෙදුම පිළිගත්හ…

2004 සැප්තැම්බර් 30 වැනිදා ගාමිණී ෆොන්සේකා රංගධරයාණන් දැයෙන් සමුගත්තේය. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබද්දී පාසලේ කවි තරගයට ලියා පළමු තැන දිනාගත් පද්‍ය පන්තියෙන් මෙම සටහනට තිත තබමු.



මගෙ ආදරය කැටිකොට වැඩු පුතා මගේ

පැරකුම් ගාමිණී ගජබා නර නිඳුන් වගේ

මිනිසකු වුණොත් රට ජාතිය කරන අගේ

මා මිය නොගිය බව මට ඒ තුළින් පෙනේ



මගෙ පුතු රට දැය වෙනුවෙන් දිවි දෙනවා

මා මියගිය තැනෙක හිඳ ඒ දැක හිනැහෙනවා

පුතු මගෙ මළත් රට වෙනුවෙන් සැනසෙනවා

පුතු නැති දිනෙක පුතු වෙනුවෙන් උපදිනවා



මල්මි රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment