හෙට ලෝකය ගිල ගනී – දේශගුණික විපර්යාසය

154

ලොවට ම තර්ජනයක්ව පවතින දේශගුණික විපර්යාසයන් හා ගෝලීය උණුසුම නිසා වසර 2030 සිට 2050 දක්වා වූ කාලය තුළ ලොව පුරා විශාල පිරිසක් අධික උෂ්ණත්වය හේතුවෙන් හටගනු ලබන ආතතිය (තාප ආතතිය) ඇතුළු අනතුරු හේතුවෙන් මිය යනු ඇති බවට බටහිර විද්‍යාඥයන් විසින් මේ වනවිට අනතුරු අඟවා තිබේ .

 ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසර 2030 සිට 2050 දක්වා කාලය තුළ වසරකට ලොව පුරා දෙලක්ෂ පනස්දහසක් පමණ දෙනා ගෝලීය උණුසුම හේතුවෙන් නරක අතට හැරුණු තාප ආතතිය (හීට් ස්ටෙ‍්‍රස්*,මන්දපෝෂණය ,මැලේරියාව ,පාචනය වැනි රෝගවලින් හේතුවෙන් මිය යනු ඇත . ජන ජීවිතයට මේ සා විශාල බලපෑමක් ඇති කරනු ලබන ගෝලීය උණුසුම හේතුවෙන් ලොව පුරා සිදුවන ස්වභාවික විපත් සංඛ්‍යාව ද මේ වනවිට වැඩි වෙමින් පවතී . ඉකුත් ජුලි මාසයේදී ජර්මනියේ අධික වර්ෂාපතනයත් සමගම හටගත් ජල ගැලීම්, ඔස්ටේ‍්‍රලියාවේ මෙන්ම ග‍්‍රීසියේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ හටගත් දැවැන්ත ලැව් ගිනි ,චීනය ,ඔස්ටේ‍්‍රලියාව හා ,ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක හටගත් දරුණු ජල ගැලීම් එවැනි ස්වභාවික විපත්වලට නිදසුන් කිහිපයකි.

හෙට ලෝකය ගිල ගනී - දේශගුණික විපර්යාසය


මෙවැනි ස්වභාවික විපත් වළක්වාගත හැකි ඒවා වුවද මිනිසාගේම අනිසි ක‍්‍රියාකාරකම් හේතුවෙන් හටගෙන ඇති දේශගුණික විපර්යාසයන් හා ගෝලීය උණුසුම නිසා එම විපත් හටගැනීම වැඩි වෙමින් පවතී . මිනිසාගේ අහිතකර ක‍්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ඇතුළු අහිතකර හරිතාගාර වායුන් හේතුවෙන් ලොව පුරා හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. ලෝක කාලගුණ සංවිධානයට අනුව ඉකුත් වසර 50ක කාලය තුළදී ලොව පුරා රටවලින් වාර්තා වී ඇති ගෝලීය උණුසුම නිසා හටගෙන ඇති ස්වභාවික විපත් ප‍්‍රමාණය පස් ගුණයකින් වැඩි වී තිබේ.

 මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මේ වනවිට අප වාසය කරන පෘථිවියේ උෂ්ණත්වය 1800 ගණන්වල පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.1කින් වැඩි වී තිබීම බව හෙළි වී තිබේ . 2015 වසරේ ප‍්‍රංශයේ පැරිස් නගරයේ පැවැති දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය සමුළුවේදී රාජ්‍ය නායකයන් විසින් අත්සන් තැබූ පැරිස් සම්මුතියට අනුව ගෝලීය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 නොඉක්මවීමට එකඟතාවයකට එළඹුන ද තවමත් එම ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වී ඇති බව විශේෂඥයෝ පවසති. අදාළ සම්මුතියට රටවල් 196ක් අත්සන් තබා ඇති අතර ඒ අතර ගෝලීය උණුසුම වර්ධනය වීමට හේතුවන අකාරයෙන් පරිසරයට අහිතකර වායුන් වැඩි වශයෙන් මුදා හරින කාර්මික රටවල් ද වේ. එහෙත් ගෝලීය උණුසුමට මෙන්ම පරිසර ¥ෂණයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති කාබන් වැනි වායුන් වැඩි වශයෙන් පරිසරයට මුදා හරිනු ලබන ඇමෙරිකා එක්සත් ජනපදය ,චීනය හා ඔස්ටේ‍්‍රලියාව වැනි කාර්මික රටවල් විසින් එම වායුන් මුදා හැරීමට මුල්ව ඇති ගල් අඟුරු භාවිතය අවම කිරීමට පියවර

 නොගැනීම ගෝලීය උණුසුම අවම කරලීමේ ඉලක්කය කරා ළඟා වීමට බාධකයක්ව පවතින බව බටහිර විද්‍යාඥයෝ පවසති.

 දේශගුණික විපර්යාසයන් හා ගෝලීය උණුසුමෙහි අනිසි ප‍්‍රතිවිපාකයන් හේතුවෙන් වර්තමානයේ මිනිසාට මෙන්ම සතුන්ට ද සිය දිවි රැුකගැනීම සඳහා දැඩි සටනක් කිරීමට සිදුව තිබේ. ගෝලීය උණුසුම හේතුවෙන් නිරතුරුව ඇතැම් රටවල දරුණු නියඟයන් , කුණාටු ,තාප තරංග (හීට් වේව්* හටගනිමින් පවතින අතර මුහුදු ජල මට්ටම ඉහළ යෑම , අයිස් කඳු හෙවත් ග්ලැසියර් දිය වී යෑම,සාගර ජලය උණුසුම් වීම යන ක‍්‍රියාදාමයන් හේතුවෙන් ඍජුවම සතුන්ට හානි සිදුවන අතර ඔවුන් ජීවත්වන ප‍්‍රදේශ ද විනාශ කිරීමට එය හේතු වේ. මෙම තත්ත්වය ජනතාවගේ ජීවනෝපායන් අහිමි කරවීමට ද හේතු කාරකවන බව වාර්තා වී තිබේ. මේ වනවිට අප‍්‍රිකානු රටවල් ගණනාවක හටගෙන ඇති නියඟය මෙයට හොඳම උදාහරණයක්වන අතර එම නියඟය හේතුවෙන් රටවල් ගණනාවක වගාවන් විනාශ වී යෑම නිසා මිනිසුන් හා සතුන් විශාල පිරිසක් සාගින්නෙන් පෙළෙන බව හෙළි වී ඇත.

 මේ සා මිනිසාට , රටවල ආර්ථිකයට හා සමස්තයක් ලෙස ගත්විට පෘථිවියට බලපෑම් සිදු කරනු ලබන දේශගුණික විපර්යාසයන් ඇති වීම අවමකර ගෝලීය උණුසුම පාලනය කිරීමට ගතහැකි ක‍්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා ඉකුත් මාසයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැති ‘කොප් -26 දේශගුණික විපර්යාසයන් සම්බන්ධ ගෝලීය පරිසර සමුළුව මෙම දශකයේ පරිසර ගැටලූවලට විසඳුම් සොයා ගැනීමට රාජ්‍ය නායකයන්ට ලැබෙන අවසන් අවස්ථාව බව බොහෝ විචාරකයන් , පරිසරවේදීන් මෙන්ම පාප් වහන්සේ පවා පෙන්වා දී තිබිණි. ගෝලීය උණුසුම හේතුවෙන් වැඩි වෙමින් පවතින ස්වභාවික විපත් අවම කරලීමට ගතහැකි ක‍්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය නායකයන් අතර එකඟත්වයක් ඇති වනු ඇති බවට සමුළුව ඇරඹීමට පෙර සිට ම බොහෝ විද්වතුන් විසින් අනාවැකි පළකර තිබිණි.

 එම සමුළුවේදී දේශපාලන බල අරගලයක නිරතව සිටින ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය 2015 පැරිස් සම්මුතියෙන් ඇති කරගත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වාගැනීමේ ඉලක්කය ළඟා කරගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟත්වය පළකර තිබීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබිණි.

 ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 13වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැති දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය පරීසර සමුළුවේදී ඇමෙරිකාව හා චීනය මෙසේ අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟ වී තිබිණි. ගෝලීය උණුසුම ඇති වීමට හේතු වී තිබෙන කාබන් වැඩි වශයෙන්ම පරිසරයට මුදා හරින රටවල් දෙක සේ සැලකෙන ඇමෙරිකාව හා චීනය මේ පිළිබඳව නොවැම්බර් 10 වැනිදා නිවේදනය කිරීමත් සමගම එයට පරිසර ක‍්‍රියාකාරීන් මෙන්ම දේශපාලකයන් ද උණුසුම් ප‍්‍රතිචාර දක්වා තිබිණි. ගෝලීය උණුසුම අඩු කරලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනපති සී ජින්පින් අනතුරුව එකිනෙකා මුණ ගැසී සාකච්ඡුාවක ද නිරතව තිබිණි. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනෙකු විසින් එක්ව සිදුකර ඇති මෙම ප‍්‍රකාශය දිරිගන්වන සුළු වැදගත් පියවරක් බවයි. එහෙත් ග‍්‍රීන් පීස් සංවිධානය පවසා ඇත්තේ රටවල් දෙකම පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අවම කරලීම සම්බන්ධයෙන් තවදුරටත් වැඩි කැපවීමක් සිදුකර පෙන්විය යුතු බවය.

 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැති  ‘කෝප් -26-දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය පරිසර සමුළුවේදී ”දේශගුණික විපර්යාසයන් අවම කරලීම සඳහා පරිසරයට මුදා හැරෙන කාබන් ප‍්‍රමාණය අඩු කරලීමේ අරමුණින් ගල් අඟරු භාවිතය සීමා කිරීම සඳහා කැප වී ක‍්‍රියා කිරීමට රජයන් එකඟ වී තිබීම ද කැපී පෙනෙන ලක්ෂණයකි.

 එමෙන්ම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 මට්ටමේ තබා ගැනීමේ ඉලක්කය කරා ළඟා වීම සඳහා ලබන වසර වනවිට නැවත කාබන් ඇතුළු විෂ වායුන් පරිසරයට මුදා හැරීම කපා හැරීම සඳහාවන සැලසුම් විමසා බැලීමටත් , ගෝලීය උණුසුම අවම කරලීමට ගතයුතු ක‍්‍රියාමාර්ගයන් ගැනීම සඳහා දියුණු වෙමින් පවතින රටවලට මූල්‍ය ආධාර සැපයීමට ද මෙම සමුළුවට සහභාගී වූ රජයන් 200ක් පමණ නියෝජනය කළ නියෝජිතයන් එකඟත්වය පළකර තිබේ.

 * ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment