හෙට විපක්‍ෂ නායක කාර්යාලයේදී ‘ජාතික සභාවක්’ පිහිටුවනවා – සජිත් ප්‍රේමදාස

82

බහුජන සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන යනාදි සියල්ල එකතුකර ගනිමින් රට ගොඩනඟන වැඩපිළිවෙළකට නිශ්චිත අවබෝධයකින් ප්‍රවේශවීමට ‘ජාතික සභාවක්’ හෙට (අඟහරුවාදා) විපක්‍ෂ නායක කාර්යාලයේදී පිහිටුවන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊට සියලුම වෘත්තීය සමිති සහ සමාජ ක්‍රියාකාරීන්ට එක්විය හැකි බව ද ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද විපක්‍ෂ නායකවරයා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත්තේ පෙරේදා (23 දා) පෙරවරුවේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment