හෙට හම්බන්තොටට  එන්න චීන නැවට  අවසර දෙයි – මෙරට මුහුදු සීමාවේ  විද්‍යාත්මක ගවේෂණ බැහැ

192

චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හෙට (16 දා) හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය. එම නැව අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රඳවා තැබීමට අවසර ලබා දී තිබේ.

මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙන අතර, ඊට අදාළ ලියකියවිලි හාබර් මාස්ටර් වෙත ලබාදීමට ද විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පසුගිය 10 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම නිසා නැව පැමිණීම ප්‍රමාද වී තිබිණි.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවද, අන්තර් මහද්වීපික බ්ලැස්ටික් මිසයිල සහ චන්‍ද්‍රිකා ස්ථාන ගත කිරීම් නිරීක්‍ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්‍ෂාවට තර්ජනයක් වනු ඇතැයි ඉන්දියාව අදහස් පළ කර තිබිණි.

නෞකාව මෙරට මුහුදු සීමාව තුළදී කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදුනොකරන බවට පොරොන්දු වී ඇතැයි ද දැන ගන්නට තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment