දියවැඩියා රෝගියකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කළ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර ශල්‍යාගාරය තුළදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහරදීමෙන් වගඋත්තරකාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර හෙදියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට වගඋත්තරකරුට නියම කළේය.
එයට අමතරව මාධවි බුද්ධිකා රාජගුරු නමැති පෙත්සම්කාර හෙදියට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙසටත් විජිත් මලල්ගොඩ හා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල රජයට ද නියෝග කළේය.
2019.03.12 වැනිදා කුරුණෑගල මූලික රෝහලේ ශල්‍යාගාරයක් තුළදී විශේෂඥ ශල්‍ය වෛi අසෝක විජේවර්ධන මහතා සිදුකළ ශල්‍යකර්මයට තමා සහභාගි වූ බවත් ශල්‍යකර්මය අතරතුරදී ඔහු ඉල්ලා සිටි කතුර වෙනුවට වෙනත් කතුරක් ලබාදුන්නේ යැයි චෝදනා කරමින් එම කතුරෙන්ම තමාගේ හිසට පහරදීමෙන් ඔහු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙමින් එවකට එම රෝහලේ සේවය කළ මාධවි බුද්ධිකා රාජගුරු මහත්මිය එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක