කනට ගසා බිම ඇද වැටුණු පසු පාපහරක් දී බූට් සපත්තුවෙන් තුනටිය පෑගුවා – ශිෂ්‍යයා කියයි
පයාගල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
රෝහල් ගතකර ඇති සිසුවා මිතුරෙකු සමග (07 දා) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳ සැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ නොසිටි බව පොලිසිය සඳහන් කරයි.
ඒ බව දුටු පයාගල පොලිසියේ රථවාහන අංශ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ විත් යතුරුපැදිය නවත්වා බැනවැද තිබේ. ඒ මොහොත වනවිටත් යතුරුපැදියේ එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇති අතර බියටපත් පාසල් සිසුවා අසල පිහිටි ඥාති නිවසක් වෙත එය ධාවනය කර තිබේ. නැවත ඔවුන් ලුහුබැඳ පොලිස් නිලධාරීන් පසුපැදිකරු ලෙස සිසුවාට කනේ පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද කනේ පහරවල් කිහිපයක් එල්ලකර තිබේ. ඒ මොහොතේ ඔහු බිම ඇදවැටුණ බව රෝහල් ගත කළ සිසුවා පවසයි. බිම ඇදවැටුන පසුව පා පහරක් එල්ලකර බූට් සපත්තුවෙන් තුනටිය ප්‍රදේශයේ පාගා ඇතිබවද සිසුවා වැඩිදුරටත් පැවසීය. පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීම සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
වාද්දුව – සුමිත් පොතුපිටිය