හෙලිකොප්ටර් අනතුරෙන් පසු වතුර ඉල්ලූ ජෙනරාල් බිපින්

1446

ගුවන් ගමන ඇරඹී විනාඩි 30 කට පමණ පසුව හරියටම මධ්‍යහ්න 12.20 ට නොසිතූ දෙයම සිදුවිය. කුන්නුර් ප‍්‍රදේශයට මේ හෙලිකොප්ටරය කඩා වැටුනේ මහා ගින්නක් ඇති කරමිනි. සිද්ධිය වූ අවස්ථාවේම එතැනට ගිය දෙමළ වැසියකු එන්. ඞී. ටී. වී. රූපවාහිනිය සමග ප‍්‍රකාශ කර තිබුණේ ජෙනරාල්වරයා එම අවස්ථාවේ ජීවත්ව සිටි බවත් ඔහු වතුර ඉල්ලා සිටි බවත්ය.

 අග‍්‍රාහි උපන් පියාසර ලූතිනන් පෘත්වි සින් චවුහාන් ඉන්දියන් ගුවන් හමුදාවේ 109 හෙලිකොප්ටර් බලඝනයේ අණදෙන නිලධාරියාය. එම බලඝනය යොදවනු ලබන්නේ ඉන්දීය ප‍්‍රභූන්, ජනපති අගමැති මෙන්ම හමුදා ප‍්‍රධානීන්ගේ හෙලිකොප්ටර් ගමන් ස`දහාය. රුසියාවේ කසාන් සමාගම විසින් නිෂ්පාදිත MI17V5 හෙලිකොප්ටර 130 ක් ඉන්දීය ගුවන් හමුදාව සතුය.

හෙලිකොප්ටර් අනතුරෙන් පසු වතුර ඉල්ලූ ජෙනරාල් බිපින්


2012 වසරේදී ඩොලර් බිලියනයකට වඩා මුදලක් වැයකර මෙම හෙලිකොප්ටර ලබාගැනීම ස`දහා ඉන්දීය රජය රුසියානු සමාගම හා ගිවිසුම් ගතවිය. 2018 වසරේදී අවසන් හෙලිකොප්ටර් තොගය ඉන්දියාවට ලබාදෙනු ලැබීය. ඉතාම ආරක්‍ෂිත බව කියන මේ හෙලිකොප්ටරයට පසුගිය 08 වැනිදා පෙ.ව.11.45 ට පමණ ගොඩවූයේ කවරෙක්ද? ඉන්දියාවේ ඉහළම ජෙනරාල්වරයා වන ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් ලක්‍ෂ්මන් රාවත් මහතාය. ඔහු සමඟ ඔහුගේ බිරි`ද මධුලිකා රාවත් මෙන්ම තවත් හමුදා නිලධාරීන් පිරිසක්ද විය. දිල්ලියේ සිට සුලූර් ගුවන් හමුදා ක`දවුරට ගුවන් යානයකින් පැමිණි ජෙනරාල්වරයා ඇතුළු පිරිස ප‍්‍රභූන් ප‍්‍රවාහනය කරන හෙලිකොප්ටරයට ගොඩවූයේ එතැන් සිට තමිල්නාඩුවේ වෙලින්ටන් හි පිහිටි ආරක්‍ෂක විiාලයට පියාසර කිරීමටය. ඉහතින් ස`දහන් කළ පියාසර ලූතිනන් චවුහාන් මෙම හෙලිකොප්ටරයේ නියමුවා විය. හෙලිකොප්ටරයේ සිටි මුළු පිරිස 14 කි. ඕනෑ නම් මෙහි ම`ගීන් 20 කටත් යා හැකිය. සුලූර් සිට වෙලින්ටන් වෙත පියාසර කරන්නේ නීලගිරි මහ වනය උඩිනි. ගුවන් ගමන ඇරඹී විනාඩි 30 කට පමණ පසුව හරියටම මධ්‍යහ්න 12.20 ට නොසිතූ දෙයම සිදුවිය. කුන්නුර් ප‍්‍රදේශයට මේ හෙලිකොප්ටරය කඩා වැටුනේ මහා ගින්නක් ඇති කරමිනි. සිද්ධිය වූ අවස්ථාවේම එතැනට ගිය දෙමළ වැසියකු එන්. ඞී. ටී. වී. රූපවාහිනිය සමග ප‍්‍රකාශ කර තිබුණේ ජෙනරාල්වරයා එම අවස්ථාවේ ජීවත්ව සිටි බවත් ඔහු වතුර ඉල්ලා සිටි බවත්ය. ජෙනරාල්වරයා හා එක් ගුවන් හමුදා නිලධාරියෙක් පමණක් පණපිටින් සිට ඇති අතර අනෙක් සියලූ දෙනාම හඳුනාගැනීමටත් අපහසු ලෙස පිළිස්සී මරණයට පත්ව තිබිණි. මෙම අනතුරෙන් දිවි ගලවාගත් බලඝන නායක වරුන් සින්ගේ ශරීරයද 90% ක් පිළිස්සී ඇති අතර ඔහුගේ තත්ත්වයද ඉතා අසාධ්‍ය වේ. ජෙනරාල්වරයා රෝහල්ගත කරන අතරතුර මියගියේය. 13 දෙනෙක් මරණයට පත්වූ මේ ඛේදය ඉන්දීය ආරක්‍ෂක අංශ බලවත් කැලඹීමකට ලක්කිරීමට සමත්විය. ඉන්දියාව ඩොලර් බිලියන 72 ක් ආරක්‍ෂාව වෙනුවෙන් වැය කරයි. ලොව තෙවැනියට ආරක්‍ෂාව වෙනුවෙන් ඉහළම මුදලක් වැය කරන්නේ දිල්ලි ආණ්ඩුවයි. එසේ නම් ඔවුනට තමන්ගේ ඉහළම ආරක්‍ෂක නිලධාරියාද සුරක්‍ෂිත කිරීමට නොහැකි වූයේද? අනතුරු ඕනෑම විටකදී සිදුවිය හැක. නමුත් මෙහි සැඟවුණු රහසක් තිබේද ඉන්දීය ආරක්‍ෂක ප‍්‍රධානියා ගමන් කරද්දී තවත්් පරිවාර හෙලිකොප්ටරයක් ගමන් නොකළේ මන්ද? ජෙනරාල්වරයා 2015 දී නාගලන්ත ප‍්‍රාන්තයේදී හෙලිකොප්ටර් අනතුරකින් දිවි ගලවා ගැනීමට සමත්විය. එහෙත් 2021 දෙසැම්බරයේදී ඔහු සිය බිරිය සමඟ එකටම අවසන් ගමන් ගියේය.

 උත්තරාඛාන්ඞ් ප‍්‍රාන්තයේ උපන් බිපින් රාවත් ඉන්දියාවේ 26 වැනි හමුදාපතිවරයා වූයේ 2016 දීය. 2019 දී ඉන්දීය අගමැතිවරයා විසින් ඔහු පළමු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට පත්කරනු ලැබුවේ තිි‍්‍රවිධ හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකරණය ඇති කිරීමට මෙන්ම ආරක්‍ෂක අංශයන්හි නවීකරණ කටයුතු සිදු කිරීමටය. අසල්වැසි පාකිස්තානයට වඩා බලවත් චීනයෙන් ඉන්දියාවට ඇති තර්ජනය වැඩි බව ප‍්‍රකාශ කර සිටියේ මොහුය. ඔහුගේ පියා ඉන්දියන් හමුදාවේ සේවය කළ ලූතිනන් ජෙනරාල් ලක්‍ෂ්මන් සින් රාවත් වේ. 1978 දී 11 වැනි ගුර්කා රයිෆල් රෙජිමේන්තුවට බැඳී හමුදා ජීවිතය ආරම්භ කළ ඔහු පුරා 43 වසරක්ම සිය දිවිය ආරක්‍ෂක සේවයට කැප කළේය. මියයන විට ජෙනරාල් බිපින් 63 වැනි වියේ පසුවිය. ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙකි. සිය පියාගේ දේහය සහිත දර සෑයට ගිණි තැබුවේද ඔවුන් විසිනි. පසුව ඔවුන් දෙදෙනා විසින් මේ අළු හරිද්වාර් වෙත ගොස් ගෙඟ් පා කර හරිනු ලැබීය.

 ඉන්දීය ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානියාගේ අවසන් කටයුතු ස`දහා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගිවූ අතර එහිදී ශ‍්‍රී ලංකා රජයේ ශෝකය දියණියන් දෙදෙනා වෙත දන්වනු ලැබීය.

 කවරක් නමුත් චීනයේ ප‍්‍රමුඛම ඉංග‍්‍රීසි පුවත්පත වන ග්ලොබල් ටයිම්ස් මගින් මේ මරණයට ප‍්‍රතිචාර දක්වා තිබුණේ වෙනස් අන්දමිනි. එහි ස`දහන්ව තිබුණේ ඉන්දීය ආරක්‍ෂක ප‍්‍රධානියාගේ මරණය ඉන්දීය හමුදාවේ අඩුපාඩු දෝෂ පෙන්නුම් කරන බවත් එසේම හමුදාවේ නවීකරණය සම්පූර්ණයෙන් අඩාල කරන බවත්ය. ග්ලොබල් ටයිම්ස් හි මෙම ලිපිය ඉන්දීය මාධ්‍ය බෙහෙවින් කලබලයට පත්කරනු ලැබීය. මෝදි ආණ්ඩුවට හිතවත් රූපවාහිනි නාලිකාවලින් චීන පුවත්පත පතුරු අරිනු දක්නට ලැබිණි. සුපුරුදු ලෙස රිපබ්ලික් ටී වී හි ආර්නාබ් ගෝස්වාමී කුලප්පු වී කෑගසනු දකින්නට හැකිවිය. ඇත්ත වශයෙන් තමන්ගේ ඉහළම ජෙනරාල්වරයා ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීම බරපතළ ප‍්‍රශ්නයකි. ඒ නින්දාවෙන් ඉන්දීය හමුදාවට ගැලවිය නොහැකිය. චීන විරෝධී ඉන්දීය දේශපාලන විචාරකයකු වන බ‍්‍රහ්මා චෙල්ලනී බිපින් රාවත්ගේ මරණය 2020 දී තායිවාන හමුදා ප‍්‍රධානියා හෙලිකොප්ටර් අනතුරකින් මියයාම හා සමාන කර තිබිණි. ග්ලෝබල් ටයිම්ස්හි ලිපියේ වැඩිදුරටත් ස`දහන්ව තිබුණේ ඉන්දියාවේ ලොකුම සතුරා චීනය නොව එරට ඇති පසුගාමීත්වය බවයි. ඉන්දු චීන දේශසීමා ප‍්‍රශ්නය යුදමය එකක් නොව දේශපාලන ප‍්‍රශ්නයක් බවත් ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමට දිල්ලි ආණ්ඩුව උත්සාහ කරන බව එහි ස`දහන්ව තිබිණි. එය පැහැදිලි ඇත්තකි. ලංකාවේ පාස්කු ප‍්‍රහාරයද 2019 භාරතීය ජනතා පක්‍ෂ මැතිවරණ වේදිකාවල ප‍්‍රමුඛ මාතෘකාවක් විය. චීනයට එරෙහිව ප‍්‍රබලව අදහස් දැක්වුවේද මියගිය තරු හතරේ ජෙනරාල්වරයාය. ඉන්දියාවේ පසුගාමිත්වය ගැන චීන පුවත්පත් කතා කරන විට අනාබ් ගෝස්වාමි කුලප්පු වීම අමුතු දෙයක් නොවේ.

 ජෙනරාල්වරයාගේ ගුවන් අනතුර සිදුවූ පසු ඉන්දිය විරෝධී පාකිස්ථාන ජාතිකයකු විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වුණේ දෙමළ සටන්කාමී පිරිසක් විසින් මෙම හෙලිකොප්ටරයට වෙඩි තබා බිම හෙළා ඇති බවයි. එසේම සමාජ මාධ්‍ය ජාලාවල නොයෙක් කතා පැතිර ගියේය. වත්මන් ඉන්දීය හමුදාපතිවරයා හා ජෙනරාල් බිෂින් රාවන් අතර ඇති ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මේ අනතුර සිදුවූ බවටද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා පළවිය. මේ අනතුර ගැන සෙවීමට ති‍්‍රවිධ හමුදාවෙන් වෙන වෙනම සාමාජිකයන් පත්කර විශේෂ කමිටුවක් පිහිටුවීමට දිල්ලි ආණ්ඩුව තීරණය කර ඇත. මන්ද මෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතළ අනතුරක් බැවිනි. බිපින් රාවත් භාරතීය ජනතා පක්‍ෂ ආණ්ඩුවට හිතවත් ලෙස අදහස් දක්වන බවට ඉන්දීය විපක්‍ෂයෙන් චෝදනාද එල්ල විය. පාකිස්තානය මෙන්ම නොව ආණ්ඩුවේ කටයුතු ස`දහා ඉන්දීය හමුදාවේ මැදිහත්වීමක් කොහෙත්ම නැත.

 නමුත් පාකිස්තානයේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. සිවිල් ආණ්ඩුවට වඩා හමුදාව බලවත්ය. වර්තමානයේද ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව හා හමුදාව අතර යම් මතභේද ඇතිව තිබේ. ඉම්රාන්ට බලය ඒමට හමුදාවේ සහය ලැබුණත් දැන් එසේ නැත. මියගිය ඉන්දීය ජෙනරාල්වරයා දැඩි ගතිගුණ ඇති සොල්ලාදුවෙකු ලෙස සහ ප‍්‍රබෝධමත් අණදෙන නිලධාරියකු ලෙස කීර්තියක් ලබා සිටියේය. ඉන්දියාව විදේශ භූමියක කළ පළමු නිල ප‍්‍රහාරයට අණ දුන්නේද මොහු විසිනි. එහිදී බුරුම – ඉන්දීය දේශසීමාවෙන් ඇතුළට ගොස් නාග කැරලිකරුවන්ගේ ක`දවුරු කිහිපයකට ප‍්‍රහාර එල්ල කරනු ලැබීය. මේ ස`දහා පැරා කමාන්ඩෝ බළකාය යොදා ගන්නා ලදී. ගල්වාන් ගැටුමෙන් පසු චීන දේශසීමාවේ ඉන්දීය හමුදා ශක්තිය වැඩි කිරීමට මේ ජෙනරාල්වරයා වැඩි උනන්දුවක් දැක්විය. මෙය චීන ආරක්‍ෂක විශ්ලේෂකයන් විසින් හො`දින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

 රාවත්ගේ මරණයෙන් පසුව එරට තම ආරක්‍ෂක මාණ්ඩලික ධුරයට කවරකු පත් කරන්නේද යන ප‍්‍රශ්නයට මෝදි ආණ්ඩුව මුහුණදී ඇත. එයට වත්මන් හමුදාපති පත් නොකර විශ‍්‍රාම ගිය හමුදාපතිවරයෙක් පත් කිරීමට යන බවටත් කතා පැතිරෙයි. තමන්ට දේශපාලනිකව වඩා හිතවත් කෙනෙක් පත් කිරීමට මෝදි අගමැතිවරයා කටයුතු කරනු ඇත.

 * චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment