හෙළදිව බසින් සදහම් වදාළ සිංහල ත‍්‍රිපිටකයෙහි උපත

165

 ත‍්‍රිපිටකය අද අපගේ ජාතික උරුමයකි. ත‍්‍රිපිටකය සිංහල ත‍්‍රිපිටකය වූයේ කවදා සිට ද? මහාවංශය කියැවීමේ දී මේ ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබේ.
 
 සිංහල ත‍්‍රිපිටකයෙහි උපත සිදු වූයේ කෙසේ ද? සිංහල ත‍්‍රිපිටකයෙහි උපත සිදු වූයේ මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු ව ය. මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ මෙරටට වැඩම කළ පුවත මහාවංශයෙහි සඳහන් වන්නේ මෙසේ ය‍:
 
 පොසොන් පුන් පොහෝ දින මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ මහා සෘද්ධි ඇති සේක්, ඉට්ටිය, උත්තිය, සම්බල, භද්‍රසාල යන ස්ථවිරයන් වහන්සේලා සතර නම ද, සුමන සාමණේරයන් ද, භණ්ඩුක නම් අනාගාමි කුමාරයා ද සමඟ විහාරයෙන් අහසට නැඟී ක්ෂණයකින් ම මෙහි වැඩමකොට සිත්කලූ‍ මිස්සක පර්වතයෙහි පියල්කුළ රුචිර අඹතලයෙහි වැඩසිටිසේක.
 
 (මහාවංශය 13වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 අනතුරු ව මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් දෙවනපෑතිස් රජතුමාට ධර්මය දේශනා කළ ආකාරය මහාවංශයෙහි සඳහන් වන්නේ මෙසේ ය:
 
 දෙවනපෑතිස් රජතෙමේ පහ වූ බිය ඇත්තේ යහළුවාගේ අසුන් මෙ‍නෙහිකොට ශ‍්‍රමණයෝ ය යි නිශ්චිත කරන ලද්දේ දුනු හී පසෙක තබා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වනුයේ උන්වහන්සේ අසළ හිඳගත්තේ ය.
 
 මහ නුවණැති ස්ථවිරයන් වහන්සේ රජු පණ්ඩිතැ යි දැන රජුට චූල්ලහත්ථිපදොපම සූත‍්‍රය වදාළසේක. දේශනා කෙළවර රජතෙමේ සතලිස් දහසක් මිනිසුන් සමඟ සරණයෙහි පිහිටියේ ය.
 
 (මහාවංශය 14වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 අනතුරු ව මහාවංශයෙහි 14වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ ද සඳහන් වේ:
 
 මහා ස්ථවිරයන් වහන්සේ සුමන සාමණේරයන්ට ”ධර්ම ශ‍්‍රවණයට කාලය ඝෝෂා කරන්නැ” යි වදාළසේක. සුමන සාමණේරයෝ ”ස්වාමිනි, මම කොතෙක් තැන් අඬගසන්නෙම් දැ” යි ඇසූහ. මහා ස්ථවිරයන් වහන්සේ ”මුළු තාම‍්‍රපර්ණී දිවයිනැ” යි වදාළසේක. සුමන සාමණේරයෝ සෘද්ධි බලයෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ”ධර්ම ශ‍්‍රවණයට කාලය යැ” යි ඝෝෂා කළහ. රජතෙමේ නාග චතුෂ්ක නම් ගල්කෙම්පස හිඳගෙන බත් අනුභව කරද්දී ඒ හඬ අසා ඇමැතියන් යැවී ය. ඔවුහු ගොස් ”උපද්‍රවයක් ඇද්දෝ” යි ඇසූහ. ”උපද්‍රවයක් නැත. සම්බුද්ධ ධර්මය ශ‍්‍රවණයට කාලය ඝෝෂා කරන ලදැ” යි වදාළසේක. සාමණේරයන්ගේ හඬ අසා භූමිනිශ‍්‍රිත දෙවියෝ ඝෝෂා කළහ. පිළිවෙළින් ඒ ශබ්දය බඹලොව තෙක් නැංගේ ය. ඒ ඝෝෂාවෙන් දෙවියන්ගේ මහා සමාගමය විය. මහා ස්ථවිරයන් වහන්සේ ඒ සමාගමයෙහි සමචිත්ත සූත‍්‍රය දේශනා කළසේක. අසංඛ්‍ය සංඛ්‍යාවක් දේවතාවන්ට ධර්මාභිසමය විය. බොහෝ නාගසුපර්ණාදීහු සරණයෙහි පිහිටියෝ ය. සැරියුත් ස්ථවිරයන් වහන්සේ මේ සූත‍්‍රය දේශනා කරන කල යම් සේ වී නම් එසේ ම මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ දේශනා කරන කලත් දිව්‍ය සමාගමය විය.
 
 (මහාවංශය 14වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 අනතුරු ව මහාවංශයෙහි 14වැනි පරිච්ෙඡ්දයෙහි සඳහන් ව ඇති දෙවනපෑතිස් රජතුමා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් රජ මාළිගයට වැඩමවීම හා සම්බන්ධ සමහර සිදුවීම් මෙසේ ය:
 
 රජතෙමේ ස්ථවිරයන් වහන්සේ පුදමින් අන්තඃපුරයට වැඩමවී ය. බත්කිස නිම වූ පසු රජතෙමේ ස්ථවිරයන් වහන්සේ වෙත හිඳගෙන මහානාග නම් බාල සොහොයුරු යුවරජුගේ මෙහෙසිය වූ රජගෙදර ම වාසය කරන අනුලා නම් බිසව කැඳවී ය. අනුලා දේවිය පන්සියයක් ස්ත‍්‍රීන් සමඟ පැමිණ ස්ථවිරයන් වහන්සේ වැඳ පුදා එකත්පසෙක හිඳගත්තා ය. ස්ථවිරයන් වහන්සේ පේතවත්ථු, විමානවත්ථු සහ සච්චසංයුත්තය දේශනා කළසේක. ඒ ස්ත‍්‍රීහු ප‍්‍රථම ඵලයට පැමිණියෝ ය. නුවර වැසියෝ ඊයේ දුටු මිනිසුන් අතින් ස්ථවිරයන් වහන්සේගේ බොහෝ වූ ගුණ අසා ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැති ව රැුස් ව රජගෙදර දොරකඩ මහත් අරගල කළෝ ය. රජතෙමේ ඒ හඬ අසා විමසා දැන ඔවුනට හිතවැඩ කැමැති ව ”සියල්ලන්ට මෙහි සම්බාධ ය. මඟු‍ලැත්හල ශුද්ධ කරන්න. නුවර වැසියෝ එහි දී තෙරුන් වහන්සේ දකින්නාහ” යි කී ය. එකෙනෙහි ඇත්හල ශුද්ධ කරවා වියන් බැඳ අලංකාරකොට සුදුසු පරිදි සෙනසුන් පැණවූහ. මහා ස්ථවිරයන් වහන්සේ තෙරුන් වහන්සේලා සමඟ එහි වැඩමකොට වැඩහිඳ මහාකථික වූසේක් දේව¥ත සූත‍්‍රය දේශනා කළසේක.
 
 රැුස් වූ නුවර වැසියෝ ඒ අසා පැහැදුණහ. ඔවුන් අතරෙන් දහසක්දෙනා සෝවන් ඵලයට පැමිණියෝ ය.
 
 (මහාවංශය 14වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 ඒ ආකාරයට මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ හෙළදිව බසින් ධර්මය දේශනා කළ බව අනතුරු ව මහාවංශයෙහි 14වැනි පරිච්ෙඡ්දයෙහි සඳහන් වන්නේ මෙසේ ය:
 
 ලංකාව පිහිටුවීමෙහි හෝ අධිකකොට තැබීමෙහි ශාස්තෘන් වහන්සේ නමක් වැනි ලක්දිවට පහනක් බඳු ඒ මහා ස්ථවිරයන් වහන්සේ මෙසේ තැන් දෙකක දී හෙළදිව බසින් ධර්මය දේශනාකොට ලක්වැසි ජනයා කෙරෙහි සද්ධර්මයෙහි බැසගැනීම කරවූසේක. හෙවත් සද්ධර්මයෙහි ජනයා පිහිටුවූසේක.
 
 (මහාවංශය 14වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 අනතුරු ව මහාවංශයෙහි 15වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ සඳහන් වේ:
 
 ඒ මනුෂ්‍යයෝ ඇත්හල ද අවකාශ මඳ යයි නුවර දකුණු දොරෙන් පිට නිල් කුස තණෙන් යුතු සිහිල් වූ මනරම් නන්දන නම් රජඋයනෙහි තෙරුන්වහන්සේලාට අසුන් පැණවූහ. ස්ථවිරයන් වහන්සේ නුවර දකුණු දොරෙන් නික්ම එහි ද වැඩහුන්සේක.
 
 ශේ‍රෂ්ඨ කුලවත් බොහෝ ස්ත‍්‍රීහු ද එහි අවුත් උයන පුරවමින් ස්ථවිරයන් වහන්සේට නුදුරු ව උන්හ. මහා ස්ථවිරයන් වහන්සේ ඔවුනට බාලපණ්ඩිත සූත‍්‍රාන්ත ධර්මය දේශනා කළසේක. ඔවුන් අතරෙන් දහසක් ස්ත‍්‍රීහු පළමුවැනි වූ සෝවන් ඵලයට පැමිණියහ.
 
 (මහාවංශය 15වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ හෙළදිව බසින් ධර්මය දේශනා කළ තවත් අවස්ථා මහාවංශයෙහි 15වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ සඳහන් වේ:
 
 රජතෙමේ ”වහන්ස, ආරාමය සංඝයාට කැප දැ” යි ඇසී ය. කැප ‍නොකැප දැනීමෙහි දක්ෂ වූ මහා ස්ථවිරයන් වහන්සේ ”කැප ය” යි වදාරා වේළුවනාරාමය පිළිගැනීම වදාළසේක. ඒ අසා රජතෙමේ ඉතා සතුටු විය. මහජනයා ද සතුටු වූහ. මහා ස්ථවිරයන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි අනුලා දේවිය පන්සියයක් ස්ත‍්‍රීන් සමඟ සකෘදාගාමි ඵලයට පත් වූවා ය.
 
 මහා ස්ථවිරයන් වහන්සේ නඳුන් වනයෙහි වැඩහිඳ එහි දී අග්ගික්ඛ‍න්ධොපම සූත‍්‍රය දේශනා කොට මිනිසුන් දහසක් මාර්ගඵලවලට පමුණුවා මහමෙවුනා වනයෙහි වැඩවිසූසේක.
 
 මහා ස්ථවිරයන් වහන්සේ තුන්වැනි දවසෙහි රජගෙහි වළඳා නඳුන් වනයෙහි වැඩහිඳ ආසිවිසොපම සූත‍්‍රය දේශනා කළසේක. මහා ස්ථවිරයන් වහන්සේ දහසක් පුරුෂයන් මාර්ග‍ඵලවලට පමුණුවා තිස්සාරාමයට වැඩිසේක. මහා ස්ථවිරයන් වහන්සේ සතරවැනි දවසෙහි රජගෙහි වළඳා නඳුන් වනයෙහි වැඩහිඳ අනමතග්ග සංයුත්තය දේශනා කළසේක. එහි දී දහසක් මිනිසුනට අමෘත පානය පොවා මහා මේඝවනාරාමයට වැඩිසේක.
 
 මහා ස්ථවිරයන් වහන්සේ පස්වැනි දවසෙහි රජගෙහි වළඳා නඳුන් වනයෙහි වැඩහිඳ ඛජ්ජනීය නම් සූත‍්‍රාන්තය මහජනයාට දේශනාකොට දහසක් මිනිසුනට අමෘතපානය පොවා මහමෙවුනා උයනෙහි වැඩවිසූසේක. දේශනා දන්නා මහා ස්ථවිරයන් වහන්සේ සයවැනි දවසෙහි රජගෙහි වළඳා නඳුන් වනයෙහි වැඩහිඳ ගොමයපිණ්ඩූපම සූත‍්‍රය දේශනාකොට දහසක් මිනිසුන් මාර්ගඵලාවබෝධයට පමුණුවා මහමෙවුනා උය‍නෙහි ම වැඩවිසූසේක. මහා ස්ථවිරයන් වහන්සේ සත්වැනි දවසෙහි ද රජගෙහි වළඳා නඳුන් වනයෙහි වැඩහිඳ ධම්මචක්කප්පවත්තන සූත‍්‍රාන්තය මහජනයාට දේශනාකොට දහසක් මිනිසුන් මාර්ගඵලාවබොධයට පමුණුවා මහමෙවුනා උයනෙහි වැඩවිසූසේක.
 
 (මහාවංශය 15වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ හෙළදිව බසින් ධර්මය දේශනා කළ තවත් සුවිශේෂි අවස්ථාවක් මහා වංශයෙහි 15වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ සඳහන් වේ:
 
 මහා ප‍්‍රාඥ වූ මහා ස්ථවිරයන් වහන්සේ ඇසළ මස ශුක්ල පක්ෂයේ තෙළෙස්වැනි දවසෙහි රජගෙහි වළඳා රජුට මහාපමාද සූත‍්‍රාන්තය දේශනාකොට එහි චෛත්‍ය පර්වතයෙහි විහාරකරණයක් කැමැති ව පෙරදිගෙන් නික්ම සෑගිරියට වැඩිසේක. මහා ස්ථවිරයන් වහන්සේ එහි වැඩි බව අසා රජතෙමේ දේවීන් දෙදෙනකු ද සමඟ රථයෙහි
 
 නැඟ මහා ස්ථවිරයන් වහන්සේගේ පියවර පසුපස
 
 ගියේය. ස්ථවිරයන් වහන්සේලා එහි නාගචතුෂ්ක ස්ථානයෙහි වූ විලෙන් ස්නානය කර පර්වතයට නඟිනු පිණිස පිළිවෙළින් වැඩසිටියහ. රජතෙමේ රථයෙන් බැස සියලූ‍ ම ස්ථවිරයන් වහන්සේලාට වැන්දේ ය. මහා ස්ථවිරයන් වහන්සේ ”මහරජ, කුමකට උෂ්ණයෙහි ක්ලාන්ත ව ආවෙහි දැ” විමසූසේක. ”ඔබවහන්සේලාගේ ගමන ගැන සැක කරමින් ආවෙමු” යි කී ය. ඛන්ධකයන්හි දක්ෂ වූ මහා ස්ථවිරයන් වහන්සේ ”මෙහි ම වස්වසනු පිණිස පැමිණියෙමු” යි වදාරා වස්සුපනායිකාඛන්ධය රජුට දේශනා කළසේක. රජුගේ බෑණා වූ මහාරිට්ඨ නම් මහාමාත්‍ය තෙමේ ද රජු ඉදිරියෙහි සිටියේ ය. හේ එම ධර්මය අසා යාච්ඤාකොට දෙටු කණිටු පනස්පස්දෙනකු සමඟ ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි ඒ දවසෙහි ම පැවිදි විය. මහත් ප‍්‍රඥා ඇති ඒ සියල්ලෝ ම කරකම් අවසානයෙහි අර්හත් ඵලයට පත් වූහ.
 
 (මහාවංශය 16වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 හෙළදිව බසින් සදහම් වදාළ සිංහල ත‍්‍රිපිටකය ධර්මයෙහි චිරස්ථිතිය පිණිස පොත්වල ලිවීම පළමුවෙන් සිදු වූයේ වට්ටගාමිණි අභය රජ සමයේ දී ය. ඒ පිළිබඳ ව මහාවංශයෙහි 33වැනි පරිච්ෙඡ්දයෙහි මෙසේ සඳහන් වේ:
 
 ත‍්‍රිපිටකපාළිය ද එහි අර්ථකථාව ද මහා ප‍්‍රඥා ඇති පූර්වික භික්ෂුන් වහන්සේලා මුඛපාඨයෙන් ගෙන ආවෝ ය. එකල භික්ෂුන් වහන්සේලා සත්ත්වයන්ගේ පරිහානිය දැක ධර්මයෙහි චිරස්ථිතිය පිණිස පොත්වල ලියවූහ.
 
 (මහාවංශය 33වැනි පරිච්ෙඡ්දය ඇසුරෙනි.)
 
 ත‍්‍රිපිටකය සිංහල ත‍්‍රිපිටකය වූයේ කවදා සිට ද යනුත්, ත‍්‍රිපිටකය අපගේ ජාතික උරුමයක් බවත් මේ අනුව පැහැදිලි වේ.
 
 රෝහිත විජයතිලක
 විශ‍්‍රාමික අධ්‍යාපනඥ සහ භාවනා උපදේශක
 
 සංස්කරණය නිශාන්ත අමරසිංහ
 

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment