මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හෙළි නොකළ වත්කම් හෙළි කිරීමේ මුදල් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනයට ලක් කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (28 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අවසන් සංශෝධන පනත් කෙටුම්පත නොවන බවත් එකී සංශෝධන ඇතුළත් අවසන් පනත් කෙටුම්පත අද (29 දා* දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
මුදල් සංශෝධන පනත් කෙටුම්පත ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පාර්ශ්ව අටක් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් විභාගයේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය. එම පෙත්සම් විභාගය පි‍්‍රයන්ත ජයවර්ධන, කුමුදුනි වික‍්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු ම`ඩුල්ල හමුවේ පැවැත්විණි.
එකී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති මගින් හෙළි නොකළ වත්කම් හා ආදායම් ප‍්‍රකාශ කරන්නන්ට විශාල වශයෙන් සහන ලබාදී ඔවුන් නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් මුදල් නීත්‍යනුකූල මුදල් බවට පත්කර ගැනීමේ ප‍්‍රතිපාදන සලකා ඇති බවත් පෙත්සම්කාර සුනිල් හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයා ගැනීම් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට විමර්ශන සිදුකිරීම එමගින් වළක්වා ඇතැයි ද එහිදී අධිකරණයට පැවසූ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, දේශීය ආදායම් පනත, අල්ලස් පනත හා ත‍්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීම වැළැක්වීමේ පනත ඇතුළු සුවිශේෂී පනත්වල ඇතැම් වගන්ති කප්පාදුවට ලක්කර ඇතැයි ද විනිසුරු ම`ඩුල්ලට කීවේය. එළැඹෙන දෙසැම්බැර් 31 වැනිදායින් පසුව එලෙස නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් කොටස් වෙළෙඳපොළේ බැඳුම්කර හා ණයකර සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව මෙන්ම බැංකු ගිණුම්වල තැන්පත් කර රට තුළ චංචල හා නිශ්චල දේපළ මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දීම බරපතළ කරුණක් වන්නේ යැයිද පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයට පැවසීය.
මුදල් උපයා ගත් ආකාරය හෙළි නොකර සිටීමේ යුක්තිය එලෙස වංචනික ලෙස මුදල් උපයා ගන්නා පුද්ගලයන්ට හිමිකර දීම අනීතික ලෙස මුදල් උපයා ගන්නා පුද්ගලයන් දිරිගැන්වීමක් මෙන්ම එලෙස අනීතික ලෙස මුදල්වලට සුජාත භාවයක් හිමිකර දීමක් වන්නේ යැයි ද විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු ම`ඩුල්ලට පැවසීය. එබැවින් එකී මුදල් සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ යැයි ද ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු ම`ඩුල්ලට වැඩිදුරටත් කීවේය. විදේශීය රටවල තිබෙන මුදල් රටේ සංවර්ධන කි‍්‍රයාවලියට ආයෝජනය කිරීමට මඟ පාදා දීමක් ලෙස පෙන්වා දෙමින් ඉදිරිපත් කොට ඇති එකී පනත් කෙටුම්පත එයාකාරයෙන්ම සම්මත වීමට ඉඩහැරිම රට ඉතා භයානක තත්ත්වයකට ඇද දැමීමක් වන්නේ යැයි එහිදී නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විනිසුරු ම`ඩුල්ලට පැවසීය.
පෙත්සම්කාර සමන් රත්නපි‍්‍රය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා ද එහිදී කරුණු දැක්වීය.
එම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අද (29 දා* දක්වා කල්තැබීමට විනිසුරු ම`ඩුල්ල නියෝග කළහ.
– ඒ. ජේ. ඒ. අබේනායක