හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

399

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද (27) අවසන් කෙරුණි.

එම පැමිණිල්ල අද කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment