පල්ලවි සුභාෂ් කියන නම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන්ට නුපුරුදු නමක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයකු නොවුණත් ඇය ලාංකිකයෙක් තරමටම අපිට සමීපයි. ඉන්දියානු ටෙලි තිරය සරසමින් කලාවට අවතීර්ණ වන ඇය ලංකාවේ අපිට සමීප වන්නේ දෙරණ රූපවාහිනියේ සිංහලෙන් හඬකවා විකාශනය කළ අධ්රජ ධර්මාශෝක නාට්‍යයේ අශෝකගේ මව හෙවත් රාණී ධර්මා විදිහට. නමුත් කලාවේ ඇගේ ඉතිහාසය තවත් පරණයි. නිරූපණ ශිල්පිනියක් ලෙස තමන්ගේ ගමන අරඹන පල්ලවී ටෙලිනාට්‍ය නිළියක් සහ සිනමා නිළියක් විදිහටත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා. අධිරජ ධර්මාශෝක නාට්‍යයෙන් පස්සේ ඇය ගැන ලංකාව ඇතුළේ කතා වෙන්න පටන් ගත්තේ මහාචාර්ය සුනිල්ආ රියරත්නයන්ගේ බිමීබාදේවී හෙවත් යශෝදරා සිනමාපටයේ යශෝදරා දේවියගේ චරිතය හරහා. ඒ ඔස්සේ ඇය ලාංකේය රසික හදවත් ආදරයෙන් තමන් සතු කරගත්තා.
ඔන්න දැන් ඇය ආයෙමත් වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයකින් රසිකයන් අතරට ඇවිත් තියෙනවා. ඒ තමයි දකුණු ඉන්දීය සහ ශ්‍රී ලාංකීය හවුල් නිෂ්පාදනයක් වන සෙකන්ඩ් ෂෝ නමැති සිනමාපටය ඔස්සේ. මෙය අපට වැදගත් වෙන්නේ ලාංකේය සිනමාවේ සිහින කුමරා විදිහට හඳුන්වන හේමාල් රණසිංහත් රඟපාන නිසා.
පසුගිය දවස්වල සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔවුන් ලංකාවට ඇවිත් තිබුණා. ඒ අතරතුර ලංකාවේ මාධ්‍ය හිතවතුන් එක්ක කතා කරන්නත් පල්ලවී අමතක කළේ නැහැ. ඇය ලංකාවේ අපිට කොයි තරම් ආදරේද කොයිතරම් සමීපද කියල ඒ කතාබහෙන් තේරුම් ගන්න පුළුවන්.
මම ලංකාවට ආපු දෙවන අවස්ථාව තමයි මේක. මුලින්ම මම ලංකාවට ආවේ සුනිල් සර්ගේ යශෝදරා සිනමාපටයේ රූගත කිරීම්වලට. ඇත්තටම ඒක මගේ ජීවිතයේ සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම සුනිල් ආරියරත්න වැනි ප්‍රවීණ අධ්‍යක්ෂකවරයකු යටතේ මතක හිටින චරිතයක් කරන්න ලැබෙනවා කියන්නේම වාසනාවක්. ඉතින් මට ඒ වාසනාව ලැබුණා. මේ සැරේ මම ලංකාවට එන්නේ දෙවැනි වතාවට. විශේෂයෙන්ම මගේ අලුත්ම සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්. මෙහිදීත් මට ලාංකිකයන් සමග වැඩකරන්න ලැබුණා. ඒකත් ඇත්තටම සුන්දර අත්දැකීමක්.
අපි මේ චිත්‍රපටය කළේ මීට වසර දෙකකට කලින්. නමුත් කොරෝනා තත්ත්වයත් එක්ක අපිට මේක සිනමාශාලාවලට ගෙනඑන්න අපහසු වෙනවා. ඒ නිසා තමයි අවුරුදු දෙකක කාලයක් අපිට චිත්‍රපටය එළියට දාන්න බලන් ඉන්න වුණේ. කොහොම නමුත් අවසානයේ අපිට මෙය රසිකයන් අතරට ගෙන එන්න ලැබෙනවා. ඒ අත්දැකීම ඔබට නුදුරේදීම ලබාගන්න පුළුවන්. මේ අවස්ථාවේ කෞෂී සහ විකී කියන නිෂ්පාදකවරුන්ට අපි ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපට මෙහෙම චිත්‍රපටයක් නිකුත් කරන්න ලැබෙන්නේ. සෙකන්ඩ් ෂෝ හි මගේ චරිතය වෙනස්ම එකක්. රූගත කිරීමීවලදී නළු නිළියන්ගෙන් පවා හොඳ සහයෝගයක් මට ලැබුණා. විශේෂයෙන්ම හේමාල් රණසිංහ මතක් කරන්න ඕනෑ. ඔහු ඇත්තටම අපූරු රංගන ශිල්පියෙක්. හරිම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම හරිම කරුණාවන්තයි. මම ගොඩක් වාසනාවන්තයි එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.
පල්ලවී එහෙම හේමාල්ව වර්ණනා කරනකොට වටේ හිටපු කට්ටිය අමුතු විදිහට හිනාවුණා. ඒකට ප්‍රතිචාර දක්වමින් පල්ලවි කිව්වේ මෙහෙම දෙයක්. ඇත්තටම ඔහු කරුණාවන්තයි. හරිම මිත්‍රශීලියි. ඒ වගේම ඔහු හොඳ යාළුවෙක්. ඇත්තටම ඔහු අනිත් අය වගේ
ආත්මාර්ථකාමී නැහැ. මම ලොකු අත්දැකීමක් ලැබුවා ඔහුත් එක්ක වැඩ කරලා. විශේෂයෙන්ම මට සිංහල වචන හසුරුවන්න ගොඩක් උදව්කළා. ඒක අමතක කරන්න බැහැ. ඇත්තටම අපේ සිනමා කණ්ඩායමම රස සාගරයක්. ඒක රසවත් වගේම විනෝදාත්මක අත්දැකීමක්. අනෙක් කෙනා තමයි ශිවා. මම ශිවා සමගත් වැඩ කරන පළමු අවස්ථාව තමයි මේක. ඇත්තටම ඒකත් මතක් කරන්න ඕනෑ. නිර්මාණයට කලින් අපි ඒ ගැන ගොඩක් කතා කළා. වැඩ කරනකොට තමයි අපි අඳුනා ගත්තේ. මම හිතනවා මේ නිර්මාණය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගනීවි කියලා.
නැවතත් සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැතිද කියලා අහපු ප්‍රශ්නෙට උත්තර දෙමින් පල්ලවි කිව්වේ එහෙම අවස්ථාවක් ලැබෙනකල් ඇය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියලයි. ඇත්තටම සෙකන්ඩ් ෂෝ කියන්නේ වෙනස්ම විදිහේ ත්‍රාසය කැටිවුණු ආදර කතාවක්. සමහර විට මේක හේමාල් ගේ සිනමා ජීවිතයේ හැරවුමක් වෙන්නත් පුළුවන්. පල්ලවී සහ හේමාල්ට අමතරව මේ සිනමාපටයේ අජ්මාල් අමීර්, විද්‍යා ප්‍රදීප් යන නළු නිළියන් ද රංගනයෙන් දායකවනවා. නවක නළු නිළියන්ගේ රංගනයටත් ඉතා හොඳ විචාරක පැසසුම් ලැබී තිබෙනවා.
අමිල නුවන් මධුසංඛ
ඡායාරූප – යූ. කේ. අබේරත්න
|