සරෝ ශන්මුගම්. දැන් අපේ රටේ සිනමා රසිකයන් නුහුරු නුපුරුදු නමක් නෙම් නෙමයි. ඒ මොකද දන්නවාද අපි එහෙම කියන්නේ, මෙයා පසුගිය කාලයේ අපේ රටේ චිත්‍රපට කිහිපයකටම සම අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ඔහු අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන සිහිනයකි ආදරේ මේ දිනවල තිරගත වෙනවා. දිවයින සිනමා කලා සරෝ ශන්මුගම් සමග සංවාදයක නිරත වුණා.

හේමාල් එක්ක අලුත් චිත්‍රපටයක් කරනවා - සිහිනයකි ආදරේ අධ්‍යක්ෂ සරෝ ශන්මුගම්
  • සරෝගේ පදිංචිය ?

තමිල්නාඩුවේ වෙලිතිරම් හි කුඩා නගරයක තමයි පදිංචිය.

  • සිනමාවට සම්බන්ධවුණේ කොහොමද?

මම චෙන්නායි තමයි ඉස්කෝලේ ගියේ. ඒ කලේ මම ඉස්කෝලෙන් එළියට ගිහිල්ලා දවසට 23 වතාවක් චිත්‍රපට බලනවා. නමුත් මට ඉස්කෝලේ කාලේ චිත්‍රපට සහ සිනමාව ගැන හුරුවක් තිබුණේ නෑ. අපි පවුලක් විදියට ෆිල්ම් බලන්න ගියේ නෑ. ඉතින් මුල්ම වතාවට ෆිල්ම් එකක් බලනකොට, තියටර් එක ඇතුළේ ඉඳලා, ඕනම විදිහේ බලපුවාම මම ඒකට ආසයි. මම ඉංග්‍රීසි සාහිත්‍ය අංශයෙන් උපාධිය ලබා ගත්තා.

  • ඔබ චිත්‍රපටවලට යොමු වුණේ කොහොමද?

මම කතන්දර ලියන්න පටන් ගත්තා. බොහෝ දේවල් සොයා බලා චිත්‍රපට, තිර රචනා, නළු නිළියන් යනාදිය පිළිබඳ දැනුම එකතු කර මගේම කතන්දර ලියන්න පටන්ගත්තා.

  • සිනමාවට සම්බන්ධවුණේ කොහොමද?

මම සැබෑ ජීවිතයේ ඉතා ලැජ්ජාශීලී පුද්ගලයෙක්. අධ්‍යක්ෂණය මගේ ප්‍රියතම දෙය. මුල් කාලයේ ශංකර් සර් වැනි අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනෙක් යටතේ වැඩ කළා. ඉන්දියානු චිත්‍රපටයේ ඔහුගේ සහායකයා වූ මම ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබූ තවත් බොහෝ ව්‍යාපෘති සඳහා සම්බන්ධවෙලා හිටියා.

  • ඔබ ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

ඉතින් මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මට මේ අවස්ථාව ලැබෙනවා සදේශ් මහත්තයාව මුණගැසෙන්න. ඒ එයාගේ Super Six චිත්‍රපටයේ වැඩ කරන්න ප්‍රසාද් චිත්‍රාගාරයට ආපු වෙලාවක. අද වෙනකම් මගේ නම කතාවට ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ, නමුත් සදේශ් සහ ප්‍රසාද් චිත්‍රාගාරයේ කාර්ය මණ්ඩලය මට කතා කළා. මාව සදේශ් මහත්තයාට හඳුන්වා දුන්න වෙලාවෙන් පස්සේ ඔහු මා සමග චිත්‍රපටයක් කරන්න කතා කළා. ඊට පස්සේ තමයි අපි දෙන්නා ප්‍රවේගය චිත්‍රපටය නිර්මාණය කළේ. ඒක මගේ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය.

  • සිහිනයකි ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ආදරය බැරෑරුම් ලෙස හසුරුවන්නේ කෙසේ දැයි පවසන ඉතා අලංකාර නවීන ක්‍රමයක්. ඒක ලස්සන නාට්‍යමය චිත්‍රපටයක්. මුලින් වෛරී ප්‍රේමයක ආකාරයේ සම්බන්ධතාවයකින් කියැවෙන ආදර කතාවකි. ඔවුන්ගේ පළමු ආදර කතාවෙන් කිසිවෙකු සාර්ථක නැහැ. සෑම කෙනෙකුටම අසාර්ථක ආදර කතාවක් තියෙනවා. නව යොවුන් වියේ ආදර කතාවලින් සාර්ථක වන්නේ 1%ක් පමණයි. 99%ක්ම විවිධ හේතූන් නිසා අසාර්ථක වෙනවා. ඊට පස්සේ හිත කැඩෙනවා වගේ දැනෙනවා. හැමදේම නැතිවෙලා මොනවා කරන්නද කියලා නොදැන ජීවිතේ අතරමං වෙනවා. ප්‍රථම ප්‍රේමය සෑම විටම විශේෂ වන අතර අපට සිත් ඇදගත් සහ අපට එතරම් වැදගත් අදහස් කළ පුද්ගලයා දැන් අප අතර නැහැ. නමුත් ආදරය අපගේ ජීවිතයට අරමුණක් ගෙන එන එකම මන්ත්‍රයවන බැවින් අපට ඉදිරියට යෑමට හා ආදරයෙන් බැඳීමට සිදුවෙනවා. ඉතින් මේ චිත්‍රපට කතාවත් ඒ ගැනයි. අසාර්ථකත්වය සහ නැවත ආදරය කරන්නේ කෙසේද ? යන්නයි.

  • ඔබේ අනාගත සැලැස්ම කුමක්ද?

මම හේමාල් එක්ක අලුත් චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නවා වගේම දෙමළ චිත්‍රපටයක් කරන්නත් සැලසුම් කරනවා.

  • මොකද ලංකාවේ නළු නිළියෝ ගැන හිතන්නේ ?

ශ්‍රී ලංකාවේ මා සමඟ වැඩ කරන ශිල්පීන් ඉතා දක්ෂ හා ජාත්‍යන්තර දක්ෂතා ඇති කලාකරුවන්, චිත්‍රපටයේ සැබෑ වීරයා හේමාල් බව සඳහන් කළ යුතුයි. මන්ද පූජා ද රංගනය නවතා දැමූ අතර හේමාල් උනන්දුව පෙන්වමින් චිත්‍රපටය පුරා එය ගෙන ගිය අතර එය චිත්‍රපටය සම්පූර්ණ කිරීමට අපට උපකාරී වුණා. ඔහු තමයි මේ චිත්‍රපටය ගැන වැඩිපුරම උනන්දු වුණේ. ඉතින් ඒකට hats off, එයා පිටපත විශ්වාස කළා වගේම එයා මාව විශ්වාස කළා ඒ හැරෙන්න, ලකී ඩයස් කියන්නේ ගොඩක් ස්ථාවර නළුවෙක්, එයාට හැමදේම තේරුණා, එයාට ඇත්තටම චරිතයට ගැඹුරට ගිහින් රඟපාන්න පුළුවන්. මහේන්ද්‍ර හරිම ආදරණීය කෙනෙක්. නිර්භීත චරිතයක්. ඔහු ඇත්තටම ජාත්‍යන්තර නළුවෙක්. මේ වෙලාවේ ශේෂාද්‍රි, උද්ධික වගේම හැමෝම මතක් කරනවා. තව ප්‍රවේගයේ ජැක්සන් ඇන්තනි, මනෝ අයියා වගේම සෑම කෙනෙකුම ඔවුන්ගේ දේශීය දක්ෂතා අගය කළ යුතුය.

දිනේෂ් විතාන

සම්බන්ධීකරණය
කිසල් සංජය

හේමාල් එක්ක අලුත් චිත්‍රපටයක් කරනවා - සිහිනයකි ආදරේ අධ්‍යක්ෂ සරෝ ශන්මුගම්
advertistmentadvertistment
advertistmentadvertistment