තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය) සංකල්ප අනුගමනය කිරීම වඩාත් ඵලදායී වෙයි. ඒ වෙනුවෙන් සිය ආයතනික සමාජ වගකීම හොඳින් අවබෝධ කරගත් හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත හේකාබ් ආයතනය, ග්‍රාමීය ප්‍රදේශ වල සෞඛ්‍ය, අධ්‍යාපනික සහ සමාජීය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් “පියුරිටාස් සත් දියවර” වැඩසටහන දියත් කළේය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනතාවට ශක්තියක් වීම සඳහා පියුරිටාස් සත් දියවර’ සමාජ සත්කාරමය වැඩසටහන හරහා හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් අද වන විට ගම්මාන 23 ක 43 800 ක් පමණ ජනතාවක් වෙත පිරිසිදු පානීය ජලය සපයනු ලබන අතර D 10 මෛත්‍රීපුර – පදවිය, මහියංගනය –

ගින්නෝරුව, විරාණගම සහ ආනන්තපුරම් යන ප්‍රදේශවල ජල පිරිපහදු ඒකක පිහිටුවීම සඳහා හේකාබ් ආයතනය පූර්ණ අනුග්‍රහය දක්වන ලදි.


advertistmentadvertistment