හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම සිය යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

14

හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTE PLC) මෑත මාස කිහිපය තුළ ප‍්‍රධාන ගෝලීය සම්මාන දෙකක් දිනාගත් අතර එහි වටිනාකම් නිර්මාණය සහ ESG කාර්යසාධනය පාර්ශවකරුවන්ට වාර්තා කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස සිය කීර්ති නාමය යළි යළිත් තහවුරු කළේය

මෙම කලාපීය වැවිලි සමාගම (RPC) 2022 Asia Community Business Awards හිදී සිය සේවකයන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට සහාය දීම මගින් වෘත්තීයමය මෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා උපායමාර්ගික සහ ක්‍්‍රියාශීලී ප‍්‍රවේශයන් අනුගමනය කිරීමේ ආසියාවේ ප‍්‍රමුඛයන් අතර පිළිගැනීමට ලක්විය.

2022 Hallbars වාර්ෂික වාර්තා සම්මාන උළෙලෙහිදී සමාගමේ 2022 වාර්ෂික වාර්තාව විනිවිද භාවයෙන් යුක්ත වීම සහ ඵලදායීතාවය හෙළිදරව් කිරීම වෙනුවෙන් ඉහළ ගෞරව සම්මානයට පාත‍්‍ර වූ අතර ලෝක තිරසාර සම්මාන උළෙලේදී ”අරමුණ සමඟ ලාභය” යන සම්මාන කාණ්ඩයේ අවසාන වටයේ තරඟකරුවෙකු ලෙස ඇගයීමට ලක්විය.

දේශීය වශයෙන් TTE විනිවිදභාවය පවත්වාගෙන යාමේ අසමසම වාර්තාව වෙනුවෙන් 2022 ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේ CMA විශිෂ්ටතා සම්මාන යටතේ ”විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ – තේ කර්මාන්ත කාණ්ඩය” පිරිනැමූ ශ‍්‍රී ලංකාවේ පළමු වැවිලි සමාගම බවට පත් විය. RPC —Best Disclosure on Materiality”‍ සහ ”හොඳම ඒකාබද්ධ වාර්තාව – වැවිලි අංශය” සඳහා විශේෂ සම්මානයක් සමගින් තවදුරටත් ඇගයීමට ලක් විය. ඉතා මෑතකදී මෙරට ප‍්‍රථම වරට පැවති CA Sri Lanka TAGS Awards 2022 හිදී, TTE විසින් වැවිලි අංශය වෙනුවෙන් වූ රිදී සම්මානය දිනා ගැනීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment